Showing posts with label Sinhala News. Show all posts
Showing posts with label Sinhala News. Show all posts

ප්‍රකාශයක් දෙන්න නාමල් පොලිසියට යයි

හම්බන්තොට සිද්ධිය ගැන ප්‍රකාශයක් ලබාදීම සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ අද හම්බන්තොට පොලිසියට පැමිණීමට නියමිතයි.

මීට අමතරව ඒකාබද්ධ විපක්ෂය පසුගිය සිකුරාදා හම්බන්තොට සංවිධාන කර තිබූ විරෝධතාව අතරතුර ඇතිවූ කළහය සම්බන්ධයෙන් සිදු කෙරෙන පරීක්ෂණවලට අදාළව ප්‍රකාශයක් ලබාදීම සඳහා පළාත් සභා මන්ත්‍රීවරුන් දෙදෙනෙකු ඇතුලූ තුන්දෙනෙකුට අද හම්බන්තොට පොලීසිය හමුවේ පෙනී සිටින ලෙස දැනුම්දී තිබුණා.

බස්නාහිර පළාත් සභා මන්ත්‍රී උපාලි කොඩිකාර, දකුණු පළාත් සභා මන්ත්‍රී

ප්‍රසන්න රණතුංගගෙන් මෛත්‍රීට රහසිගත ලිපියක්

පාර්ලිමේන්තු මන්ත‍්‍රී ප‍්‍රසන්න රණතුංග මහතා විසින් ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා වෙත යොමු කර ඇති ලිපියක් පහත දැක්වෙයි.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ගරු සභාපති,
අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා,
ජනාධිපති ලේකම් කාර්යාලය,
කොටුව,

අතිගරු ජනාධිපතිතුමනි,

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය වර්තමානයේ මුහුණ දී තිබෙන අවාසනාවන්ත තත්ත්වයෙන් මුදා ගැනීම සම්බන්ධවයි

ශෂී වීරවංශගේ නඩු භාණ්ඩ නැතිවෙයි

පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශගේ බිරිඳ වන ශෂී වීරවංශගේ නඩුවකට අදාලව නඩු භාණ්ඩ වශයෙන් අධිකරණ භාරයේ තිබූ ඇයගේ ජාතික හැඳුන්ම්පතක් සහ විදෙස් ගමන් බලපත්‍ර‍යක් අස්ථාන ගතව ඇතැයි වාර්තා වනවා.

මවක්, දරුවා සමඟ ලක්ෂපාන ඇල්ලට පනී

මවක් සිය දරුවාද සමඟින් ලක්ෂපාන දිය ඇල්ලෙන් පහලට පැන තිබෙනවා.

වයස මාස දෙකහාමාරක් වන දරුවෙකු සමඟ මේ මව දිය ඇල්ලට පැන ඇති බවයි දැනට වාර්තා වන්නේ.

මංගලගෙන් රවීට හාද්දක්

මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා නව විදේශ කටයුතු අමාත්‍ය රවී කරුණානායක මහතා හමුවී ඔහුගේ නව අමාත්‍ය ධුරයට සුභපතා තිබේ.

සමරවීර මහතා මෙසේ සුභපතා ඇත්තේ කරුණානායක මහතා අදාල ධුරයේ අද (25 දා) වැඩ භාර ගැනීමෙන් පසුවය.

පළාත් සභාවලටත් හවුල් පාලනයක්

පළාත් සභා මැතිවරණයෙන් පසුව පළාත් සභා සඳහාත් ජාතික ආණ්ඩු සංකල්පය ක්‍රියාත්මක කිරීමට එක්සත් ජාතික පක්ෂය සහ ශ්‍රීලංකා නිදහස් පක්ෂය ඒකාබද්ධ වීමට එකඟතාවකට පැමිණ ඇති බවට දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි.

එමෙන්ම මේ හවුල් පාලනය එළඹෙන පළාත් පාලන මැතිවරණයෙන් අනතුරුව ප්‍රාදේශීය සභා,නගර සභා,මහ නගර සභා යනාදී වූ පළාත් පාලන ආයතන සඳහාද අනුගමනය කිරීමට යහපාලන ආණ්ඩුවේ නායකයෝ එකඟවී ඇති බවද වාර්තාවේ.

වැල්ලවත්ත ගොඩනැගිල්ලට අවසරදුන් අයට වැඩ වරදී

ඉකුත් සතියේ වැල්ලවත්ත සැවොයි සිනමාහල අසල කඩා වැටුණු ගොඩනැගිල්ලේ ඉදිකිරීම් කටයුතු සඳහා නීති විරෝධී ලෙස ඉඩ ලබා දුන් සියලුම නිලධාරීන්ට එරෙහිව විනයානුකූල ක්‍රියාමාර්ග ගැනීමට තීරණය කර ඇති බව මහනගර හා බස්නාහිර පළාත් සංවර්ධන අමාත්‍ය චම්පික රණවක මහතා ඇමති මණ්ඩලයට දැනුම් දී තිබේ.

මේ සම්බන්ධයෙන් දැනටමත් විධිමත් පරීක්ෂණ කටයුතු ආරම්භ කර ඇති බවද ඇමතිවරයා ප්‍රකාශ කර සිටියි.

මහින්දානන්දට ඇප

හිටපු අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතාට එරෙහිව පනවා ඇති නඩුවේ අධි චෝදනා භාරදීම අද(25දා) කොළඹ මහාධිකරණයේදී සිදුව තිබේ.

 ඉපයූ ආකාරය හෙළි කළ නොහැකි රුපියල් මිලියන 27ක් යොදවා බොරැල්ල කිංසි පාරේ නිවසක් මිලට ගැනීමෙන් මුදල් විශුද්ධිකරණ පනත යටතේ වරදක් සිදු කළ බවට මහින්දානන්ද අලුත්ගමගේ මහතාට චෝදනා එල්ල වී ඇත.

රූපවාහිනී අධ්‍යක්ෂ මණ්ඩලයත් ඉවත් වෙයි !

ජාතික රූපවාහිනියේ සභාපතිවරයා ඇතුළු අධ්‍යක්ෂ මණ්ඩලය ඉවත්ව ඇති බව වාර්තා වේ.

මීට අමතරව ලේක් හවුස් ආයතනයේ කර්තෘ මණ්ඩල අධ්‍යක්ෂකවරයාව සිටි සමන් වගාරච්චි මහතා ද සිය අස්වීම් ලිපිය භාර දී ඇතැයි වාර්තාවේ.

රත්නපුරේ ’’හොර පොලිසියක්’’

රත්නපුර නගරය සහ අවට නිවාස සහ වෙළඳ සැල්වලට කඩා වැදී තමන් පොලිස් නිළධාරීන් බව කියා කාලයක් තිස්සේ කොල්ලකම්වල නිරත වූ 4දෙනෙකුගෙන් යුත් කල්ලියක් පොලිසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා.

සොරකම් කළ ජංගම දුරකථන 66ක් ද ඔවුන් සතුව තිබුනා.

විටෙක උප පොලිස් පරීක්‍ෂකවරුන් ලෙසත් තවත් විටෙක පොලිස් සැරයන් සහ කොස්තාපල්වරුන් ලෙසත් මෙම කල්ලිය පෙනී සිට තිබෙනවා.

කෝවිලක පූජාවකදී ඊලාම් සිතියමක් ඔසවලා

යාපනය, කෝපායි, තිරුනෙල්වේලි, කාලි අම්මා කෝවිලේ සිදු කෙරෙන වාර්ෂික දේව මංගල්‍ය අතුරතුර පුද්ගලයෙකු විසින් යුද සමයේදී කොටි සංවිධානය භාවිතා කරන ලද ඊලාම් සිතියමට සමාන සිතියමක් ඇඳ පෙරේදා  (23) සවස ප්‍රදර්ශනය කරමින් ගොස් ඇති බවට තොරතුරු වාර්තා වී ඇති බව යාපනය පොලීසිය කියා සිටිනවා.

කාලි අම්මා කෝවිලේ වාර්ෂික දේව මංගල්‍ය සිදු කෙරෙන අවස්ථාවේදී කාලි අම්මා දේව රූපය වීදි සංචාරය කරන අතරතුර දී කාලි අම්මා දේව රූපයට පසු පසින් අදාල ඊලාම් සිතියම සහිත පුද්ගලයෙකු ගමන් කොට ඇති බවටයි තොරතුරු වාර්තා වී ඇත්තේ.

ශූරයන්ගේ කුසලානයට ආරක්ෂාව වැඩි කරයි

එංගලන්තයේදී ආරම්භවීමට නියමිත ශූරයින්ගේ කුසලාන ක්‍රිකට් තරඟාවලිය සහ කාන්තා එක් දින ලෝක කුසලාන තරඟාවලියේ ආරක්ෂාව තර කිරීමට අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලයේ අවධානය යොමුව තිබේ.

එංගලන්ත මැන්චෙස්ටර්හි පැවති සංගීත ප්‍රසංගයකට ඊයේ දින එල්ල වූ බෝම්බ ප්‍රහාරය මෙයට හේතුවයි.

කුවේට් ගිහින් පීඩාවින්ද 120 ක් අද ලංකාවට

කුවේට් ගෘහ සේවයට ගොස් විවිධ පීඩාවන්ට ලක් වූ කාන්තාවන් 120 දෙනෙකු අද (24) යළි මව්බිමට පැමිණෙනවා.

නෙත් නිවුස් කටුනායක වාර්තාකරු පැවසුවේ ඔවුන්ගෙන් පනස් දෙදෙනෙකු අද පෙරවරු 8.45 ට පමණ මව්බිමට පැමිණි බවයි.

ඉතිරි 68 දෙනා පස්වරු 12.40ට පමණ මව්බිමට පැමිණීමට නියමිතව තිබෙනවා.

"සේවය අත්හිටුවලා..?" - මම දන්නෙ නෑනේ

සිය සේවය අත්හිටුවා ඇතැයි තමන් ද දැනගත්තේ මාධ්‍ය වාර්තාවන්ගෙන් බව පුරාවිද්‍යා අධ්‍යක්‍ෂ ජනරාල් මහාචාර්ය සෙනරත් දිසානායක පවසනවා.

කැබිනට් මණ්ඩලය ඊයේ (23) රැස් වූ අවස්ථාවේ ගත් තීරණයකට අනුව ඔහුගේ සේවය අත්හිටුවා ඇති බවයි මීට පෙර වාර්තා වුණේ.

කෙසේ වෙතත් ඒ පිළිබඳ ලිඛිත දැනුම් දීමක් තමන් වෙත තවමත් ලැබී නැතැයි අද (24) උදෑසන කළ විමසීමක දී ඔහු පැවසුවා.

හාල් මිල පාලනයට රටින් හාල් ගෙන්නන්න තීරණයක්

දේශීය වෙළෙඳ පොළෙහි සහල් මිල ශීඝ්‍රයෙන් ඉහළයාම සම්බන්ධයෙන් අමාත්‍ය මණ්ඩලයේ අවධානය යොමුකොට සහල් ආනයනය කිරීමට පෞද්ගලික අංශයට අවසර ලබාදීමට කැබිනට් මණ්ඩලය තීරණය කර තිබේ.

එසේ ආනයනය කළ යුතු සහල් ප්‍රමාණය, ජීවන වියදම පිළිබඳ අමාත්‍ය මණ්ඩල අනුකාරක සභාව විසින් තීරණය කරනු ලැබිය යුතු බව ද කැබිනට් මණ්ඩලය විසින් තීරණය කර ඇත.

ඥාණසාර හිමි අසනීපෙන්

හෝමාගම අධිකරණ පරිශ‍්‍රයේ දී කළහකාරී ලෙස හැසිරී අධිකරණයට අපහාස කළ බවට බොදුබල සේනා මහ ලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන්ට පවරා ඇති නඩුව අභියාචනාධිකරණයේ දී අද (24) නැවත කැඳවූවා.

කෙසේ වෙතත් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන් මෙම නඩු විභාගය සඳහා අධිකරණයේ පෙනී සිටියේ නැහැ.

හික්කඩුවේ ද්විත්ව ඝාතනය සුජීගේ ගෝලයන්ගේ වැඩක්

හික්කඩුව ප්‍රාදේශීය ලේකම් කාර්යාලය ඉදිරිපිටදී පාතාල කල්ලියක් වන මනෝජ් මෙන්ඩිස් කල්ලියේ දෙදෙනෙකු ඝාතනය කර ඇත්තේ තවත් පාතාල කල්ලි නායකයකු වන කොස්ගොඩ සුජීගේ කල්ලියේ ගෝලයන් විසින් බව වාර්තා වේ.

මේ ප්‍රහාරයට කොස්ගොඩ සුජීගේ ගෝලයන් වන මනෝජ් මෙන්ඩිස් ඝාතනයට සම්බන්ධ බව කියන තෙල්වත්තේ ලැසී හා කරන්දෙනියේ සුද්දා යන දෙදෙනා සම්බන්ධවී ඇතැයි පැවසේ.

පළවෙනි එක පැරදුන් ලංකාව දෙවැනි එක දිනයි

දින දෙකකට පෙරාතුව ස්කොට්ලන්තයට පැරදුනු ශ්‍රී ලංකාව, දෙවැනි පුහුණු තරගයෙන් කඩුලු 09ක ජයක් අත්පත් කරගැනීමට සමත් විය.
ප්‍රථමයෙන් පන්දුවට පහරදුන් ස්කොට්ලන්තයට, ශ්‍රී ලංකා පන්දු යවන්නන් හමුවේ රැස්කර ගැනීමට හැකි වූයේ ලකුණු 166ක් පමණි.

මෙහිදී ලක්ෂාන් සඳකැන් කඩුලු 4ක් ද සීක්කුගේ ප්‍රසන්න හා නුවන් කුලසේකර කඩුලු දෙක බැගින් ද තිසර පෙරේරා එක් කඩුල්ලක් ද දවාගැනීමට සමත්විය.

නුවරඑලිය රෝහලේ වෛද්‍යවරියකුගේ මළ සිරුරක්

නුවරඑලිය මුලික රෝහලේ පසුගිය 23වන දින රෝහලේම සේවය කරන වෛද්‍යවරියකුගේ මළ සිවුර වෛදයාවරිය නැවති සිටි නිල නිවාසයෙන් සොයාගෙන තිබු බැවින් වයස අවුරැදු 31 වන ඇය ගමිපහ පුදේශයේ පංදිචි කරියෙක් ඇය මිය ගොස් ඇත්තේ ඒම නිලවාසයේ බවත් මිය ගිය ස්ථායේ අසල තිබු බෙහෙත් පෙති කිපයක් තිබු අතර පොලිසිය සැක කරන්නේ තම සිරැරට නිර්වීන්දන ඔෂෘෆධ අධී මාතුථාවෙන් එන්නත් කරගෙන ඇය සියදිවි හානිකරගෙන ඇති බවටයි.මෛවදයවරිය පසු ගිය 23 වන දින සේවයට නොපැමිණීම හේතුවෙන් ඇය සමග සේවය  කරන තවත් වෛදයවරින් පිරිසක් ඒම නිල නිවසට පැමිණ පරික්ෂ කරන විට ඇයගේ සිරැර හමුවි  ඇත.මෛ සමිබධව වැඩිදුර පරික්ෂණ කටයුතු නුවරඑලිය පොලිසිය විසින් කරනු ලබයි.

මාවනැල්ලේ පස් කන්දක් කඩා වැටී තිදෙනෙකු යටවෙයි

මාවනැල්ල ප්‍රදේශයේ ඉදිකිරීම් ස්ථානයක පස් කන්දක් කඩා වැටීමෙන් පුද්ගලයින් තිදෙනෙක් එයට යටවී තිබේ.

අනතුරෙන් එක් පුද්ගලයෙක් ජිවිතක්ෂයට පත්ව ඇති බව වාර්තා වෙයි.

මේ වන විට බැකෝ යන්ත්‍ර යොදා ගනිමින් කඩා වැටුණු පස් කන්දට යටවී සිටින බව පැවසෙන පුද්ගලයින් බේරා ගැනීමට පොලිසිය ඇතුළු ප්‍රදේශවාසීන් කටයුතු කරමින් සිටියි.