Showing posts with label Enghish News. Show all posts
Showing posts with label Enghish News. Show all posts

ඡන්ද ප‍්‍රතිඵල එන්නත් පෙර මංගල අලුත් අඩවුවක් අල්ලයි.. ප‍්‍රබලයෙකුගෙන් අතහිත

මෙවර මහමැතිවරණයේ ප්‍රතිඵල නිකුත්වීමටත් ප්‍රථම මංගල සමරවීර අලුත් වැඩකට අතගසා ඇත.

පක්ශ දේශපාලනයෙන් තොරව තරණ තරුණියන් ඒකරාශී කරගනිමින් සිදු කරන දේශපාලන ව්‍යාපාරයක් ලෙස ඔහු සදහන් කර ඇත.

කොරෝනා වැලදී ලාංකිකයන් 40ක් විදේශයන්හිදී මිය යයි.. දේහයන් ලංකාවට ගේන්න අවසර නෑ !

ශ්‍රී ලාංකිකයන් 40 දෙනකු විදේශයන්හිදී කොරෝනා ආසාදනය වීමෙන් මිය ගොස් ඇති බව විදේශ සේවා නියුක්ත කාර්යාංශය පවසයි.

රටවල් 16කින් එම මරණ වාර්තා වී තිබෙන බව කාර්යාංශයේ සභාපති කමල් රත්වත්තේ මහතා සඳහන් කළේය.

(Update) : මීගමුව රෝහලේදී මියගිය රැඳවියාගේ පී.සී.ආර්. වාර්තාව නිකුත් වෙයි

මීගමුව මහ රෝහලේ 8 වන මහලේ පිහිටි කොරෝනා බවට සැකසහිත රෝගීන් සඳහා වෙන් කර ඇති වාට්ටුවේ ප්‍රතිකාර ලබමින් සිට, එම මහලෙන් ඇද වැටී මිය ගිය මීගමුව බන්ධනාගාරයේ රැඳවියාගේ පී.සී.ආර්. පරීක්ෂණ වාර්තාව නිකුත් වී තිබේ. ඒ අනුව, ආදාළ රැඳවියා කොවිඩ්-19 ආසාදිතයෙකු නොවන බව පී.සී.ආර්. පරීක්ෂණ වාර්තාවෙන් තහවුරු වී ඇතැයි එම රෝහලේ ප්‍රකාශකයෙකු පැවසීය. 

කන්දකාඩු ගිය ගම්පහ ප්‍රදේශයේ උපදේශක සහ රියදුරුට කොරෝනා : රියදුරු අධිකරණ නඩු විභාගයකදී සාක්ෂිත් ලබාදීලා !

ගම්පහ දිස්ත්‍රික්කයේ ස්ථාන දෙකකින් කොරෝනා වෛරසය ආසාදනය වු පුද්ගලයින් දෙදෙනෙකු වාර්තා වී ඇති බව ගම්පහ දිස්ත්‍රික් පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂක චමින්ද සමරදිවාකර ප්‍රකාශ කර සිටිනවා. මෙලෙස කොරෝනා වෛරසය ආසාදනය වී ඇත්තේ කන්දකාඩු නිරෝධායන මධ්‍යස්ථානයේ උප්දෙෂකවරයෙකුට සහ ඔහු සමග එහි ගිය රියදුරෙකුටයි.

PCR පරීක්ෂණයට ඇතුලත් කළ රැඳවියා මිගමුව රෝහලේ 08 වන මහලෙන් ඇද වැටී මරුට

කොරෝනා වැලදී ඇතිදැයි පරීක්ෂාව සදහා ඇතුලත් කල හෙරොයින් වරදකට සම්බන්ධව බන්ධනාගාර ගත කොට සිටි  රැඳවියෙකු රෝහලෙන් පැනයාමට යාමෙදී එහි 8 වන මහලෙන් ඇද වැටී ජිවිතක්ෂයට පත්ව තිබෙනවා.

මෙම රැඳවියා PCR පරීක්ෂණය සඳහා මීගමුව බන්ධනාගාරයේ සිට මීගමුව රෝහලට මාරු කොට තිබෙන බවයි රෝහලේ ප්‍රකාශකයෙකු සඳහන් කළේ.

නාකොටික් එකේ අය කුඩු ජාවාරමට සම්බන්ධ නම් ඔවුන්ට මරණය දඩුවම දිය යුතුයි – මහින්ද අමරවීර

2020 මහමැතිවරණයේ තැපැල් ඡන්ද සලකුණු කිරීම අද (13) සිට ආරම්භ වනවා. අද සිට ලබන 17 වැනිදා දක්වා තැපැල් ඡන්ද අයදුම් කළ ඡන්ද දායකයන්ට කාණ්ඩ කිහිපයක් යටතේ තැපැල් ඡන්දය ප‍්‍රකාශ කිරීමට අවස්ථාව සලසා දී ඇති බවයි මැතිවරණ කොමිෂන් සභාව පැවසුවේ.

කොරෝනාවෙන් බේරෙන්න රනිල් පාවිච්චි කරන අලුත්ම ගැජට් එක - (photos)

රට තුළ පාලනය කර තිබූ කොවිඩ් වෛරසය නැවත සමාජය තුළ ව්‍යාප්ත වීමත් සමග මහ මැතිවරණය පැවැත්වීම ද අවිනිශ්චිත වී තිබෙනවා. ඇතැම් දේශපාලන පක්ෂ ප්‍රචාරක රැස්වීම් පවා අත්හිටුවා තිබේ. ඒ අතර ඇතැම් දේශපාලනඥයන් හා දේශපාලන පක්ෂ සිය මැතිවරණ ප්‍රචාරණ කටයුතුවලදී, සෞඛ්‍ය බළධාරීන් විසින් හඳුන්වා දුන් සෞඛ්‍ය උපදෙස් පිළි නොපදින බවටද චෝදනා එල්ල වෙමින් තිබේ.

පුත්තලම රෝහලේ තරුණයෙක් සැක සහිතව මිය යයි.. කාර්ය මණ්ඩලයට පිටවීම තහනම් කරයි

උණ සහ සෙම රෝගී ලක්ෂණ පෙන්වූ 22 හැවිරිදි තරුණයකු පුත්තලම මුන්දලම දිසා රෝහලට ඇතුළු කර පසුව හලාවත රෝහලට ඇතුළත් කළ පසු මිය යෑම නිසා පුත්තලම මුන්දලම රෝහලේ සේවක පිරිසට රෝහලෙන් පිටව යෑම නතර කර ඇත.

මාරවිල නිවාස 10ක් සීල්.. 40ක් නිරෝධායනයේ.. ලංකාවේ කොරෝනා දෙවැනි රැල්ලක් ?

මාරවිල ප්‍රදේශයේ කොරෝනා ආසාදිත කාන්තාවක් වාර්තා වීමත් සමග එම ප්‍රදේශයේ නිවාස 10 පුද්ගලයන් 40 පමණ පිරිසක් ස්වයං නිරෝධායනයට ලක් කර තිබේ.

අදාළ කාන්තාව කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ උපදේශිකාවක ලෙස සේවය කළ කාන්තාවකි.

කොරෝනා ආසාදිතයින් 57 දෙනෙක් හඳුනා ගනී !

අද (09) දිනයේ දී කොවිඩ් 19 ආසාදිතයින් 57 දෙනෙක් හඳුනා ගෙන ඇති බව  සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පවසයි. පසුගිය දින කොරෝනා ආසාදිතයෙකු ලෙස හඳුනා ගත් වැලිකඩ බන්ධනාගාරයේ රැඳවියා මාස තුනකට ආසන්න කාලයක් කන්දකාඩු මත්ද්‍රව්‍යයට ඇබ්බැහිවුවන් පුනරුත්ථාපන මධ්‍යස්ථානයෙහි පුනරුත්ථාපනයට ලක්කළ අයෙකි.

ජවිපෙ මැතිවරණ නීති කඩයි? වසන්ත සමරසිංහ බසයක් පුරා ස්ටිකර් ගසයි !

ජනතා විමුක්ති පෙරමුණ මැතිවරණ නීති උල්ලංඝනය කරමින් ප්‍රචාරණ කටයුතු කරන බවට චෝදනා නැඟෙයි.

තමා ගමන් කරන පෞද්ගලික වාහනයෙහි මැතිවරණ අපෙක්ෂකයන්ට සිය නම සහ අංකය ප්‍රදර්ශනය කළ හැකි වුවද වෙනත් වාහන ඒ සඳහා යොදා ගත නොහැකිය.

කිලිනොච්චියේ බෝම්බ හමුවෙයි.. ත්‍රස්තවාදය නැවත ඇතිවීමේ අවදානමක්.. උතුරේ ආරක්‍ෂාව තර කරයි

කිලිනොච්චිය ප්‍රදේශයෙන් දේශීයව නිශ්පාදනය කරන ලද බෝම්බ හමු වීමත් සමග උතුරේ ආරක්ෂාව තර කිරීමට ආරක්ෂක අංශ විසින් පියවර ගෙන ඇත.

ත්‍රස්තවාදය නැවත ඇතිකිරීමේ උත්සහයක නිරත වීමේ අවධානමක් වශයෙන් කිලිනොච්චියේ හිටපු එල්.ටී.ඊ. සාමාජිකයෙකු විසින් දේශීය බෝම්බ නිශ්පාදනය කිරීමට යාමේදී පුපුරායාමත් සමග ආරක්ෂක අංශ වල දැඩි අවධානය යොමු වී ඇත.

තෙවරප්පෙරුම ඡන්දෙන් ඉවත් වෙන්න සැරසේ !

මැතිවරණය ප්‍රකාශයට පත්කළ මොහොතේ සිට තමන්ට දිගින් දිගටම පොලිස් නිලධාරීන්ගෙන් හිරිහැර කරදර සිදුවන බවත්,තම බිරිය හා පුතණුවන් එයින් ඉතා පීඩාවට පත්ව සිටින හෙයින් ඔවුන්ගේ ජීවිතවල වටිනාකම තේරුම් ගනිමින් මෙම සිදුවීම් තමා දේශපාලනයේ නිරතව සිටීම හේතු කොටගෙන සිදුවන හෙයින් තමා මෙවර එජාප අපේක්ෂත්කවයෙන් ඉල්ලා අස්වීමට තීරණය කළ බව හිටපු නියෝජ්‍ය අමාත්‍ය (එජාප) කළුතර දිස්ත්‍රික් අපේක්ෂක පාලිත තෙවරප්පෙරුම මහතා ඊයේ (7දා) පැවැසීය.

වැලිකඩ රැඳවියෙකුට කොරෝනා !

වැලිකඩ රිමාන්ඩ් බන්ධනාගාරයේ රැඳවියෙකු කොවිඩ් 19 ආසාදනය වී ඇති බවට තහවුරු වී ඇති සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පවසයි.

මෙම රැඳවියා කන්දකාඩුවෙනි පිහිටි මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහිවූවන් පුනරුත්තාපනය කිරීමේ මධ්‍යස්ථානයේ සිට ජුනි 27 දා දින වැලිකඩ බන්ධනාගාරයට යොමුකර තිබේ.

වෙලේ සුදා හා Narcotics අතර හඬපටයක් එළියට එයි !

පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ ((Police Narcotics Bureau) හිටපු පොලිස් කොස්තාපල් ජීවක අරුණ පෙරේරා සහ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු වන සමන්ත කුමාර හෙවත් වෙලේසුදා අතර ඇති වූ සංවාදයක හඬ පටයක් ජනාධිපති පරීක්ෂණ කොමිසම හමුවට ඊයේ (06) ඉදිරිපත් කර තිබේ.

මාරක රිය අනතුරෙන් පසු කුසල් පැන ගිහින්.. පැයකට පසු බාරවෙලා.. පාරේ වැරදි පැත්තෙන් ගිහින්.. බීලාදැයි පරීක්‍ෂණ.. අවිශ්කගෙන්ද ප‍්‍රශ්ණ කරයි

ක්‍රිකට් ක්‍රීඩක කුසල් මෙන්ඩිස් මහතා පැද වූ සුඛෝපභෝගී මෝටර් රථය පානදුර – උතුර හොරේතුඩුව ප්‍රදේශයේදී ඊයේ (05දා) අලුයම පාපැදියක ගැටීමෙන් පාපැදිකරු තුවාල ලබා මියගිය බව පානදුර පොලිසිය කියයි. අනතුරින් මියගොස් ඇත්තේ පානදුර උතුර ගොරකාපොළ ඥානසේන මාවත පදිංචිව සිටි පෞද්ගලික බස් රථ කොන්‍ෙදාස්තරවරයකු ලෙස සේවය කරන නෙවිල් පීරිස් (64) නමැති අයෙකි.

සම්පත් බැංකුවේ මුදල් ඉවත් කර අමානා බැංකුවේ තැන්පත් කරන්නැයි ජමිතුල් උලමා මුස්ලිම් ජනතාවට දැනුම් දීලා - රතන හිමි

සම්පත් බැංකුවේ ඇති ගිණුම් ඉවත් කරන ලෙස ජමිතුල් උලමා සංවිධානය විසින් මුස්ලිම් ජනතාවට දැනුම් දී ඇතැයි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී පූජ්‍ය අතුරලියේ රතන හිමියෝ සඳහන් කරති.

එසේ ඉවත් කරගන්නා මුදල් අමානා බැංකුවේ තැන්පත් කරන ලෙසද එම සංවිධානය විසින් ඉල්ලා ඇති බවත් රත් හිමියෝ පැවසූහ.

කොටි ළමා සොල්දාදුවන් හිටියේ නෑ.. පින්තූරවල ඇත්තේ රගපාන්න ගත්ත දරුවන් - කරුණා

කිසිදිනෙක කොටි සංවිධානය විසින් කුඩා දරුවන් සොල්දාදුවන් ලෙස භාවිත නොකළ බව එම සංවිධානයේ සන්නද්ධ නායකයෙකු සිටි කරුණා අම්මාන් හෙවත් විනයාගමූර්ති මුරලිදරන් සඳහන් කරයි.

වයස අවුරුදු 18ට අඩු කිසිවකු එල්ටීටීඊ සංවිධානයට බඳවා ගැනීම නායක වේළුපිල්ලේ ප්‍රභාකරන් විසින් තහනම් කර තිබූ බවද ඔහු පවසයි.

ඉන්දීය යාත‍්‍රවලට ශ‍්‍රී ලංකාවට ඇතුළුවෙන්න නොදේ.. වෙඩි තබා පන්නා දමයි

දකුණු ඉන්දියාවෙන් ශ්‍රී ලංකාවේ උතුරු මුහුදට පැමිණෙන ධීවරයන් අත්අඩංගුවට ගැනීම අත්හිටුවා ඇති බව ඉහළ පෙළේ ආරංචි මාර්ග වාර්තා කරයි.

කොරෝනා වෛරසය ඉන්දියාව පුරා වේගයෙන් ව්‍යාප්ත වන නිසා ඉන්දීය ධීවරයන් අත්අඩංගුවට ගෙන ප්‍රශ්න කිරීම මෙරට සෞඛ්‍ය ප්‍රශ්නයක් ඇති කරවන්නක් නිසා මෙම තීරණය ගෙන ඇතැයි සදහන්ය.

ලෝක කුසලාන පාවා දීමේ පරීක්ෂණ අවසන් : හිටපු ක්‍රීඩා ඇමතිගේ චෝදනා ඔප්පු කරන්න සාක්ෂි නැහැ

වසර 2011 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශූරතාව මුදලට පවා දුන් බවට හිටපු ක්‍රීඩා අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා කළ චෝදනාව සම්බන්ධයෙන් ක්‍රීඩා වැරදි පිළිබඳව පොලිස් විශේෂ විමර්ශන ඒකකය ක්‍රියාත්මක කළ පරීක්‍ෂණය අවසන් කළ බව එම ඒකකයේ ප්‍රධානී ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ජගත් ෆොන්සේකා සඳහන් කර සිටිනවා.