නාමල්ට අධි චෝදනා නඩුවේ සම්පූර්ණ කතාව

ශ‍්‍රී ලංකන් ගුවන් සමාගමට 2013 වසරේදී ගුවන් බල ඇණියක් මිලදී ගැනීමේ ගනුදෙනුවේ දී යුරෝපීය ගුවන් සමාගමකින් රුපියල් කෝටි දහයක (මිලියන 100* අල්ලසක් ලබා ගත්තේ යැයි කියන ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක, පාර්ලිමේන්තු මන්ත‍්‍රී නාමල් රාජපක්ෂ මහතාට සහ එම විදේශීය සමාගමෙන් ඇමරිකන් ඩොලර් මිලියන දෙකක අල්ලසක් ලබා ගත්තේ යැයි කියන ශමීන්ද්‍ර රාජපක්ෂ ඇතුළු

තමන්ට එරෙහි විශ්වාභංගය විවාද නොකරන්න රැස්වීම කතානායකම මෙහෙයවලා..

කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාට එල්ල වී ඇති බරපතළ චෝදනා මුල් කරගනිමින් විපක්ෂය විසින් ඉදිරිපත් කරන ලද විශ්වාසභංග යෝජනාව විවාදයට ගැනීම ප්‍රතික්ෂේප කිරීම මෙරට පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදයට එල්ල කරන ලද මරු පහරක් බව සමගි ජන බලවේගය ඇතුළු ඒකාබද්ධ විපක්ෂය අවධාරණය කරයි.

“ගෑස් හිඟයට ගෝඨාභයට ලණු දුන් ව්‍යාපාරිකයා අද ඉන්නේ ආණ්ඩුවත් එක්ක” (වීඩියෝ)

මෙරට ගෑස් වෙළෙඳපොළේ අවශ්‍යතාවයෙන් සියයට 20ක ප්‍රමාණයක් සපුරාලීමට නොහැකි තත්ත්වයක් මතුව ඇති බව එක්සත් ජනරජ පෙරමුණේ නායක පාඨලී චම්පික රණවක මහතා පවසයි.

ගොවි පවුල් 1,000ක් සේවකයෝ 4,000ක් අර්බුදයක; මානුෂීය පදනමින් මැදිහත් වන ලෙස ඉල්ලමින් සිලෝන් ග්‍රීන් ලයිෆ් ජනපති ළඟට..

කිසිදු පූර්ව දැනුම්දීමකින් තොරව බැංකු ගිණුම් අත්හිටුවීම හේතුවෙන් ගොවි පවුල් 1,000කට අධික සංඛ්‍යාවක් සහ සේවකයන් 4,000කට අධික පිරිසක් දැඩි අර්බුදයකට මුහුණ දී සිටින බව පවසමින් සිලෝන් ග්‍රීන් ලයිෆ් ප්ලාන්ටේෂන් පෞද්ගලික සමාගම ජනාධිපතිවරයාගෙන් සහනයක් ඉල්ලා තිබේ.

ශානිගේ ඉවසිලිවන්ත මොළෙන් වැඩගත් අවස්ථාවක් - පද්මේ ඇතුළු කල්ලිය කොටු කරගත් මෙහෙයුම!

දේශපාලනමය වශයෙන් දැඩි චෝදනාවන්ට ලක්වෙමින් තිබූ පසුබිමක, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ශානි අබේසේකර මහතාගේ මෙහෙයවීම යටතේ දියත් වූ රහසිගත මෙහෙයුමක්, මෙරට ප්‍රධාන පෙළේ පාතාල සාමාජිකයින් කිහිප දෙනෙකු අත්අඩංගුවට ගැනීමෙන් ඊයේ (28) උදෑසන අවසන් විය.

එන ජනවාරියේ රාජ්‍ය සේවකයන්ගේ වැටුප් වර්ධකය ගැන ජනපති කියයි

අරලියගහ මන්දිරයේදී ඊයේ (05) පැවති ශ්‍රී ලංකා පරිපාලන සේවා සංගමයේ (SASA) 41 වන වාර්ෂික සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස එක් වෙමින් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසූවේ භෞතික සහ ආධ්‍යාත්මික වශ‌යෙන් නටබුන් වූ රාජ්‍යය දේහය පිළිබඳ ස්වයං විවේචනයක් සිදු කරමින් නූතන රාජ්‍ය සේවයක් ගොඩනැඟීමට ලබන වසරේ අයවැය ප්‍රතිපාදන වෙන් කරන බවයි.

නූතනත්වයේ සංස්කෘතියකට රාජ්‍ය සේවය ගෙන යා යුතු බවත් එය ආරක්ෂා කිරීමට ගත හැකි සියලු ක්‍රියාමාර්ග ගන්නා බවත් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වැඩිදුරටත් කියා සිටියේය.

නටබුන් වූ රාජ්‍ය සේවය නවීකරණය කිරීම සඳහා එහි භෞතික පහසුකම් වැඩිදියුණු කිරීමට ලබන වසරේ අයවැයේදී ප්‍රමුඛ අවධානය යොමු කර ඇති බව ජනාධිපතිවරයා කියා සිටියේය. 

ශ්‍රී ලංකා පරිපාලන සේවා සංගමයේ 41 වන වාර්ෂික සමුළුව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන්, අග්‍රමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය, රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍ය ආචාර්ය චන්දන අබේරත්න සහභාගීත්වයෙන් අද (05) අරලියගහ මන්දිරයේදී පැවැත්විණි. 

ශ්‍රී ලංකා පරිපාලන සේවා සංගමය යනු රාජ්‍ය සේවයේ ප්‍රමුඛතම දීප ව්‍යාප්ත සේවාව වන ශ්‍රී ලංකා පරිපාලන සේවයේ නිලධාරීන්ගෙන් සැදුම් ලත් වෘත්තීය සංවිධානයයි. මෙවර එහි වාර්ෂික සමුළුව පවත්වනු ලැබුවේ වසර 05කට පසුව වීම විශේෂත්වයකි. 

රාජ්‍ය සේවය ශක්තිමත් කිරීම සඳහා පසුගිය අයවැයෙන් යෝජිත වැටුප් වැඩිවීම ඉදිරියට ගෙන යමින් ලබන වසරේ වැටුප් වැඩි කිරීම සඳහා රුපියල් කෝටි 11,000ක් වෙන් කරන බවත් 2027 වසර සඳහා රාජ්‍ය සේවක වැටුප් වැඩි කිරීම සඳහා රුපියල් කෝටි 11,000ක් වෙන් කිරීමට ආණ්ඩුව සැලසුම් කර ඇති බවද ජනාධිපතිවරයා පැහැදිලි කළේය.

ආකර්ෂණීය රාජ්‍ය සේවාවක් නිර්මාණය කිරීමට දේශපාලන අධිකාරිය ලෙස ආණ්ඩුව කැප වී සිටින බවත්, ඊට රාජ්‍ය පරිපාලන නිලධාරීන්ගේ කැපවීම අපේක්ෂා කරන බවත් ජනාධිපතිවරයා සඳහන් කළේය.

රාජ්‍ය සේවයේ සුළුතරයක් අතින් තමන්ට පැවරී ඇති වගකීම ගනුදෙනුවක් බවට පත් වී ඇති බවත් එසේ සමාජ වටිනාකමෙන් ඔබ්බට ගිය මූල්‍ය වටිනාකම්වලට මුල් තැන දුන් රාජ්‍ය සේවය එම තත්ත්වයෙන් මුදවාගත යුතු බවත් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සඳහන් කළේය.

රාජ්‍ය නිලධාරීන්ට පුරවැසියා කෙරෙහි ඇති වගකීම චක්‍රලේඛයකින් හෝ අණපනත්වලින් බැඳ තැබිය නොහැකි බවත්  සමාජ වටිනාකම් හා සමාජ හර පද්ධතීන්වලට මුල් තැන දෙන නිලධාරීන් බිහි විය යුතු බවත් පැවසු ජනාධිපතිවරයා තමන්ට ලැබී තිබෙන වගකීම අනෙකා තලා පෙළා දැමීමට නොව යහපත් රාජ්‍ය සේවයක් ගොඩනඟමින්, ජනතාවට ඉතා උසස් ජීවිතයක් ලබා දීම වෙනුවෙන් යෙදවීම රාජ්‍ය නිලධාරින්ගේ වගකීම බවත් හිදී පෙන්වා දුන්නේය.

රාජ්‍ය සේවය අද සංධිස්ථානයකට පැමිණ ඇති බවත් තවදුරටත් කාලයක් ගත කරමින් ඉදිරියට යා හැකි බවත්, එසේ නොමැති නම් අපගේ කාර්යභාරය පිළිබඳ ස්වයංඇගැයීමකට ලක් කර පුරවැසියාගේ අවශ්‍යතාව මත කාර්යක්ෂම සේවාවක් ඉටු කිරීමට අවශ්‍ය මාර්ගය තෝරා ගැනීමට කාලය එළැඹ ඇති බවත් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සඳහන් කළේය.

නව පරිවර්තනීය වෙනසකට අවශ්‍ය පරිදි නව අත්හදා බැලීම් සිදු කරමින් පුරවැසියාට අවශ්‍ය රට නිර්මාණය කිරීමට කටයුතු කළ යුතු බවත් නටබුන් වූ  රාජ්‍යය දේහය ප්‍රතිෂ්ඨාපනය කිරීමට කටයුතු කළ යුතු බවත් ජනාධිපතිවරයා පැවසීය.

රටවල් 40ක වීසා ගැන රජය ගත් විශේෂ තීරණය මෙන්න

විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් මහතා විසින් ශ්‍රී ලංකාවේ සංචාරක ව්‍යාපාරය වර්ධනය කිරීමේ අරමුණින් තවත් රටවල් 40කට වීසා ගාස්තු අය නොකිරීමට රජය තීරණය කළ බව දන්වා ඇත.

ඒ කොළඹ පැවැති උත්සවයකදීයි.

මෙහොදී අමාත්‍යවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේ මාලදිවයින් ජනාධිපතිවරයාගේ ආරාධනයකට අනුව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ලබන සඳුදා දින මාලදිවයිනේ නිල සංචාරයක නිරත වීමට නියමිතව ඇති බවයි.

කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේදී “‘Hotel Show Colombo 2025” ප්‍රදර්ශනය ආරම්භ කර තිබෙනවා.

ඒ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් බව සඳහන්.

ලොවම කැළඹූ ඉන්දීය ගුවන් අනතුරට හේතුව ප්‍රකාශ කරයි

ජූනි 12 වැනිදා ගුජරාටයේ සිට එංගලන්තයේ ලන්ඩන් නුවර බලා පියාසර කරද්දී, කඩා වැටුණු එයාර් ඉන්දියා ගුවන් යානා අනතුර සම්බන්ධයෙන් ඉදිරිපත් කරන ලද මූලික වාර්තාවට අනුව, යානයේ නියමුවන් දෙදෙනාගේ ක්‍රියා කලාපය කෙරෙහි මේවනවිට වැඩි අවධානයක් යොමු වී ඇත.

සාමාන්‍ය පෙළ ප්‍රතිඵල නිකුත් කරයි.. ප්‍රතිඵල මෙතනින් බලන්න

(2024/2025 OL Exam results Srilanka)

2024 අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල නිකුත් කර තිබෙන බව විභාග දෙපාර්තමේන්තුව පවසයි.

ඒ අනුව, විභාග ප්‍රතිඵල www.doenets.lk සහ www.results.exams.gov.lk යන වෙබ් අඩවිවලින් ලබාගත හැකියි.

ප්ලාස්ටික් කෑම පෙට්ටි වතුර බෝතල් තහනම්!

වෙළෙඳ වාණිජ ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා පවසන්නේ ශරීරයට අහිතකර තත්වයන් ඇති විය හැකි කෑම පෙට්ටි සහ වතුර බෝතල් ඇතුළු භාණ්ඩ වෙළඳපොළට පැමිණීම නතර කිරීමට දැඩි පියවර ගන්නා බවයි.

ඉදිරි මාස දෙකක කාලයේදී එවැනි ප්‍රමිතියෙන් තොර නිෂ්පාදන භාවිතයෙන් ඉවත් කිරීම සඳහා දැඩි තීරණයකට යෑමට බලාපොරොත්තු වන බවද අමාත්‍යවරයා සදහන් කළේය.

වෙළෙඳපොළේ කළ සමීක්ෂණවලදී අවදානම් සහිත තත්වයන් වාර්තාවී ඇති හෙයින් මේ සම්බන්ධව කඩිනමින් කටයුතු කිරීමේ අවශ්‍යතාවක් මතුව තිබේ.

ආනයනකරුවන් නිෂ්පාදකයන් කැඳවා ඔවුන්ට උපදෙස් දීමට බලාපොරොත්තු වන බවද සමරසිංහ මහතා සඳහන් කළේය. දරුවන්ගේ ආරක්ෂාව වෙනුවෙන් ගත හැකි උපරිම තීරණ ගන්නා බව අමාත්‍යවරයා පැවසීය.