හම්බන්තොට සිද්ධිය ගැන ප්‍රකාශයක් ලබාදීම සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ අද හම්බන්තොට පොලිසියට පැමිණීමට නියමිතයි.
මීට අමතරව ඒකාබද්ධ විපක්ෂය පසුගිය සිකුරාදා හම්බන්තොට සංවිධාන කර තිබූ විරෝධතාව අතරතුර ඇතිවූ කළහය සම්බන්ධයෙන් සිදු කෙරෙන පරීක්ෂණවලට අදාළව ප්‍රකාශයක් ලබාදීම සඳහා පළාත් සභා මන්ත්‍රීවරුන් දෙදෙනෙකු ඇතුලූ තුන්දෙනෙකුට අද හම්බන්තොට පොලීසිය හමුවේ පෙනී සිටින ලෙස දැනුම්දී තිබුණා.
බස්නාහිර පළාත් සභා මන්ත්‍රී උපාලි කොඩිකාර, දකුණු පළාත් සභා මන්ත්‍රී
සම්පත් අතුකෝරළ සහ මව්බිම වෙනුවෙන් රණවිරුවෝ සංවිධානයේ කැඳවුම්කරු විශ්‍රාමික මේජර් අජිත් ප්‍රසන්නට මෙලෙස පොලීසිය හමුවේ පෙනී සිටින ලෙසට දැනුම්දී ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර සඳහන් කළේ.
ප්‍රකාශයක් දෙන්න නාමල් පොලිසියට යයි
2017-10-09T10:29:00+05:30
Gossip Lanka Hot News
Sinhala News|