හික්කඩුවේ ද්විත්ව ඝාතනය සුජීගේ ගෝලයන්ගේ වැඩක්

හික්කඩුව ප්‍රාදේශීය ලේකම් කාර්යාලය ඉදිරිපිටදී පාතාල කල්ලියක් වන මනෝජ් මෙන්ඩිස් කල්ලියේ දෙදෙනෙකු ඝාතනය කර ඇත්තේ තවත් පාතාල කල්ලි නායකයකු වන කොස්ගොඩ සුජීගේ කල්ලියේ ගෝලයන් විසින් බව වාර්තා වේ.

මේ ප්‍රහාරයට කොස්ගොඩ සුජීගේ ගෝලයන් වන මනෝජ් මෙන්ඩිස් ඝාතනයට සම්බන්ධ බව කියන තෙල්වත්තේ ලැසී හා කරන්දෙනියේ සුද්දා යන දෙදෙනා සම්බන්ධවී ඇතැයි පැවසේ.
මෙසේ ඝාතනය වී ඇත්තේ මනෝජ් මෙන්ඩිස්ගේ කල්ලියේ සිටින කුච්චා (සුජිත් හිමාල් - 34) හා (උශාන් ධනුද්ධර - 26) ඔහුගේ මිතුරෙකු බවද පාතාල මර්ධන ඒකක ආරංචි මාර්ගවලින් වාර්තා වේ.

ඝාතනයවී ඇති කුච්චා, මනෝජ් මෙන්ඩිස් ඝාතනයට සම්බන්ධ ප්‍රවීද්දයාගේ පුතා නැමැති අය ඝාතනය කිරීම සම්බන්ධයෙන් චෝදනා එල්ලව සිටි අයෙකි.

වෙඩි වැදීමෙන් පසුව එක් අයෙකු එම ස්ථානයේදීම මියගොස් ඇති අතර අනෙක් පුද්ගලයා රෝහල්ගත කිරීමෙන් පසුව මියගොස් ඇති බව පොලිස් ආරංචි මාර්ගවලින් වාර්තා වේ.
Previous Post Next Post