මාධ්‍යවේදීන්ට අවශ්‍ය කරන මාධ්‍ය උපකරණ මිලදී ගැනීමට රුපියල් ලක්ෂ 3ක මුදලක් පොලී රහිතව ලබා දීමට කටයුතු කර ඇතැයි මුදල් අමාත්‍යාංශය කියා සිටී.
මේ සඳහා රුපියල් මිලියන 25ක මුදලක් වෙන්කර ඇති බවද එම අමාත්‍යංශය සඳහන් කරයි.
මාධ්‍ය අරුණ’ නමින් නම් කරන ලද මෙම ණය ක්‍රමය යටතේ අලුතින්ම මාධ්‍ය උපකරණ මිලදී ගන්නා අයට ලක්ෂ 3ක ණය මුදලක් ද, මාධ්‍ය උපකරණයක අලුත් වැඩියා කටයුතු සඳහා එක්ලක්ෂ පනස් දහසක ණය මුදලක් ද ලබා ගත හැකි බවද පැවසේ.
අදාළ මුදල ලබාදෙන්නේ 6.5%ක පොළියක් යටතේ වුවද, එම ණය ලබාගන්නා මාධ්‍යවේදියා අදාළ පොලී මුදල ගෙවිය යුතු නොවන බවද පැවසේ. ඒ එම පොලිය ජනමාධ්‍ය අමාත්‍යංශය විසින් ගෙවීම නිසාය.
ජනමාධ්‍ය අමාත්‍යාංශයෙන් අදාල අයදුම්කරුවන් සම්මුඛ පරීක්ෂණයකින් තෝරා ගන්නා අතර අනෙකුත් සියලු කටයුතු මුදල් අමාත්‍යාංශය සහ බැංකු මැදිහත් වීමෙන් සිදු කරනු ලබයි.
මාධ්‍ය තාක්ෂණික නිලධාරීන් හැර ස්ථීර හා නිදහස් මාධ්‍යවේදීන්ටද වෙබ් මාධ්‍යවේදීන්ටද මෙම ණය මුදල ලබා ගැනීමට හැකි අතර මේ සඳහා අමාත්‍යාංශයේ ලියාපදිංචි ජනමාධ්‍යවේදී හැඳුනුම්පත හා වසර තුනකට වැඩි වැඩි සේවා කාලයක් තිබීම ප්‍රමාණවත් වේ.
වයස 18-55ත් අතර පුද්ගලයන්ට මේ සඳහා අයදුම් කළ හැක. තවද මීට පෙර ණය මුදල් ලබා ගෙන එහි ගෙවීම් කටයුතු සිදු කරමින් සිටින අයට මේ සඳහා ඉල්ලුම් කළ නොහැක.
පසුගිය මාර්තු 31 වැනිසා සිට මෙම ණය වැඩ පිළිවෙල ක්‍රියාත්මක කළ බවට මුදල් අමාත්‍යාංශය විසින් ප්‍රකාශ කර තිබුණද අප කළ විමසීමකදී ජනමාධ්‍ය අමාත්‍යාංශ බලධාරියෙක් කියා සිටියේ මෙවැනි වැඩපිළිවෙලක් ක්‍රියාත්මක වන බව ප්‍රකාශ කර තිබුණද ඒ පිළිබඳව වැඩි විස්තර ඔවුන් නොදන්නා බවයි.
මීට පෙර අමාත්‍යාංශය විසින් ලබාදුන් ලක්ෂයක ණය මුදල සඳහා පොලියෙහි සුළු මුදලක් ණය හිමියාට ගෙවීමට සිදු වූ අතර පොලියෙහි සැලකිය යුතු කොටසක් අමාත්‍යාංශය විසින් ගෙවනු ලැබ තිබේ.
අදාල ණය වැඩපිළිවෙල සඳහා රාජ්‍ය හා පෞද්ගලික බැංකු සමඟ සාකච්ඡා කොට ගිවිසුම් අත්සන් කර තිබුණද මේ වන විට එය අනුමත කර ඇත්තේ මහජන බැංකුවෙන් පමණි.