ජනවරමට පිටින් කැබිනට් සංශෝධන සිදු කරන්නේ නම් එක්සත් ජාතික පක්ෂයේ පසුපෙළ මන්ත්රීවරුන් කැරළි ගැසීමට සුදානම් බව ගාල්ල දිස්ත්රික් පාර්ලිමේන්තු මන්ත්රී බන්දුල ලාල් බණ්ඩාරිගොඩ මහතා පවසයි.
බද්දේගම ගනේගම දකුණ ප්රදේශයේ ඊයේ (15) පැවතී රැස්වීමකදී බණ්ඩාරිගොඩ මහතා මේ බව සඳහන් කළේය.
ඔහු මෙසේද කීවේය.
"ජනවාරි 08 වෙනිදා අපි ලබාගත් ජයග්රහණය ඉතාම තීරණාත්මක ජයග්රහණයක්. මේ ජයග්රහණය ලබාගන්න පුළුවන් වුනේ ජනතාව දු විඳලා කරපු කැපවීම් නිසා.
ඒ සටනේදී අපේ නායකයොත් ලොකු අවදානමක් අතට ගත්තා. අපේ පක්ෂයේ නායකයා තමන්ට තරග කරන්න තුබූ අවස්ථාව කැප කරලා පොදු අපේක්ෂකයෙක් ඉදිරිපත් කළේ. ඒ නිසාම එතුමාට නොයෙකුත් චෝදනා එල්ල වුණා.
බංකොලොත් අයගේ ඕන එපාකම් :
ජනවාරී 8 වෙනිදා මෛත්රීපාල සිරිසේන මහත්තයා ජයග්රහණය කෙරෙව්වේ බංකොලොත් වෙච්ච අයගේ ඕන එපාකම්වලට මේ ආණ්ඩුව එහාට මෙහාට නටවන්න නෙමෙයි. කවුරු හරි එහෙම හිතාගෙන ඉන්නවානම් ඒ බලාපොරොත්තු කරුණාකරලා අයින් කරගන්න. ජනතාව ඒවා බලාපොරොත්තු වෙන්නේ නෑ.
එනිසා මේ පරාජයට පත් වෙච්ච සුළුතරය ඇවිල්ලා ජනාධිපතිතුමාව නොමග යවලා ජනවරමට පිටුපාන්න සුදානම් වෙනවා නම්, කැබිනට් සංශෝධන කරනවානම් පසු පෙළ මන්ත්රීවරු විදියට අපි එක මිටක එකතුවෙලා මේ කුමන්ත්රණවලට මුහුණ අපි දෙන්න සුදානම්.
ඒ නිසා ජන වරමට ගරු කරලා කටයුතු කරන්න කියලා සියලු කොටස්වලින් අප ඉල්ලා සිටිනවා. ඕනෑම සංශෝධනයක් ජනතාවට දීපු බලාපොරොත්තු ඉටු කරන්නන්ම විය යුතු බව මා ප්රකාශ කරන්න කැමතියි. "