සමාජ රෝග වැලඳී කුරුණෑගල ශික්ෂණ රෝහලෙන් ප්‍රතිකාර ලබා ගැනීම සඳහා පැමිණෙන අය අතර, සුළු වශයෙන් පාසල් ශිෂ්‍ය ශිෂ්‍යාවන් සිටින නිසා ඉදිරි කාලයේදී පාසල් ශිෂ්‍ය ශිෂ්‍යාවන් අතර සමාජ රෝග පැතිරයෑමේ අවදානමක් මතුවී ඇතැයි එම රෝහලෙහි ලිංගාශ්‍රීත රෝග මර්දන ඒකකයේ ප්‍රධාන වෛද්‍ය නිලධාරි නිහාල් එදිරිසිංහ මහතා පැවැසීය.
මේ නිසා මවුපියන් තරුණ වියෙහි පසුවන තම දරුවන් ගැන සහ ගුරුභවතුන් තම ශිෂ්‍ය ශිෂ්‍යාවන් ගැනද මීට වඩා වැඩි අවධානයක් යොමු නොකළහොත් තත්ත්වය මීට වඩා වෙනස් විය හැකි යැයිද ඒ මහතා කීය.
එදිරිසිංහ මහතා මෙසේ පැවැසුවේ, පසුගියදා කුරුණෑගල ශික්ෂණ රෝහලේ ලිංගාශ්‍රීත රෝග මර්දන ඒකකයෙහි පැවැති මාධ්‍ය හමුවකදීය.
මෙහිදී තවදුරටත් කතා කළ ඒ මහතා සමාජ රෝග වැලඳී ඇද්දැයි පරීක්ෂා කර බැලීම හා එම රෝග වැලඳී ඇත්නම් ප්‍රතිකාර ලබාදීම, කුරුණෑගල ශික්ෂණ රෝහලේ 'ලිංගාශ්‍රීත රෝග මර්දන ඒකකයෙන්' දිනපතාම පාහේ කෙරෙන අතර ඒ සඳහා සෑහෙන පිරිසක් එහි පැමිණෙන බවද පැවැසීය.
''2016 වසර ආරම්භයේ සිට අවසානය දක්වා එසේ පැමිණි 1560 දෙනකු ස්ථිර වශයෙන්ම සමාජ රෝග වැලඳුණු අය බව හඳුනා ගත්තා.
හර්පීස්, ගොනෝරියා, සිපිලිස්, ලිංගික ඉන්නන් සහ ගොනෝරියා නොවන මුත්රාමාර්ග හා ගැබ්ගෙල ආසාදන සහිත රෝගීන් ඒ අතර සිටිනවා.
දැනට සමාජ රෝග වැලඳී ඇති සංඛ්‍යාව අනුව ඉදිරි කාලයේදී පාසල් ශිෂ්‍ය ශිෂ්‍යාවන් එම රෝගවලට ගොදුරුවීමට ඇති ඉඩකඩ වැඩිවී ඇති නිසා ඒ පිළිබඳ පාසල් ප්‍රධානීන් හා ශිෂ්‍ය ශිෂ්‍යාවන් දැනුවත් කිරීමට කටයුතු කරගෙන යනවා'' යැයිද නිහාල් එදිරිසිංහ මහතා වැඩිදුරටත් කීය.