මීතොටමුල්ල කසල කන්ද කඩා වැටීමෙන් පීඩාවට පත් වූ පිරිසක් රැගෙන කොළඹ දිස්ත්‍රීක් පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්. මරික්කාර් මහතා ඊයේ අගමැති රනිල් වික්‍රමසිංහ මහතා හමුවීමට අරලියගහ මැදුරට ගොස් ඇත.
මීතොටමුල්ල ඛේදවාචකයෙන් දේපල පූර්ණ හානි, අර්ධ හානි, අවදානමට ලක්විය හැකි සහ කුලී නිවාස වල ජනතාව 150 ක අධික පිරිසක් මරික්කාර් මහතා විසින් එසේ රනිල් වික්‍රමසිංහ අගමැතිවරයා හමුවට පැමිණ වීමට කටයුතු කර තිබේ.
ප්‍රධාන වශයෙන්ම මේ වන විට සහන ලබා දීමේදී ජනතාවට ඇති වී තිබෙන ප්‍රායෝගික ගැටළු ඔවුන් සමග සාකච්ඡා වට ලක් කර ඇති අතර අවසානයේදී පොදුවේ පහත සදහන් ඉල්ලීම් වලට එකගතා පළකර තිබේ.
- පූර්ණ හානි, අර්ධ හානි සහ අවධානමට ලක්විය හැකි කලාපයන්හි නිවාස සහිත වූවන්ට තම ඉඩමට හා නිවසට යන දෙකටම වන්දි ලබා දීම.
- ඔප්පු නොමැති ,එහෙත් මෙම හානි පවතින නිවාස අයිති ජනතාවට සාධාරණ තක්සෙරුවක් සිදු කර වන්දි මුදලක් ලබා දීම.
- මෙම කලාපයේ සිටින කුලී නිවැසියන්ට යම්කිසි සාධාරණ වන්දි මුදලක් ද ලබා දීම.
- මෙම ප්‍රදේශයේ ස්වයං රැකියා වල සහ ව්‍යාපාර කටයුතු වල නියුතුවූන්ට මෙන්ම වාහන වලට සිදුවූ අලාභ ද තක්සේරුව සිදු කිරීම.
- රජය විසින් ලබා දෙන වන්දි මුදල ලබා ගන්නවාද? නැතිනම් නිවාසයක් ලබා ගන්නවාද නැද්ද යන්න තීරණය කිරීම නිවැසියන්ටම ලබා දීම.
- මෙම සියළුම තක්සේරු කටයුතු හා වන්දි ලබා දීම මාස 03 ක් ඇතුලත සිදුකර අවසන් කිරීම.
මෙම එකගතා සදහා රජය මගින්ඒ ආකාරයෙන්ම සුභදායි සහ ඉක්මනින් ක්‍රියාත්මක කරනු ඇතැයි බලාපොරොත්තු වන බව මරික්කාර් මන්ත්‍රීවරයා මාධ්‍ය වෙත පැවසිය.