Showing posts with label slide. Show all posts
Showing posts with label slide. Show all posts
ජාතික ආරක්ෂාව අනතුරට හෙලූ බවට චෝදනා කළ මිලේනියම් සිටි නඩුවෙන් හිටපු ASP කුලසිරි උඩුගම්පල නිදොස්කොට නිදහස්!
2002 වසරේ අතුරුගිරිය “මිලේනියම් සිටි” නිවාස සංකීර්ණයේ පිහිටි ශ්රී ලංකා යුද හමුදාවේ බුද්ධි අංශය විසින් පවත්වාගෙන ගිය ආරක්ෂක නිවස්නයක් පිළිබඳ තොරතුරු ප්රසිද්ධියට පත්කොට ජාතික ආරක්ෂාව අනතුරේ හෙළීමට කටයුතු කළේ චෝදනා කරමින් මහනුවර හිටපු සහකාර පොලිස් අධිකාරි කුලසිරි උඩුගම්පොළට එරෙහිව ගොනුකර තිබූ චෝදනාවලින් ඔහු නිදොස් කොට නිදහස් කරන ලෙස කොළඹ මහාධිකරණය නියම කළේය.
ජාතික ආරක්ෂාව අනතුරට හෙලූ බවට චෝදනා කළ මිලේනියම් සිටි නඩුවෙන් හිටපු ASP කුලසිරි උඩුගම්පල නිදොස්කොට නිදහස්!
මරාගෙන මැරෙන බෝම්බකරුවෙකු යැයි කියූ මොහොමඩ් ෆර්සාන් ෆේස්බුක් ලයිව් ඇවිත් !
පසුගිය දින එල්ල වූ පාස්කු ප්රහාරයට එක්වූ මරාගෙන මැරෙන බෝම්බකරුවෙක් ලෙස සමාජජාලා මාධ්යයන්ගේ කතාබහට ලක්වූ පුද්ගලයෙකු සිය ෆේස්බුක් ගිණුම හරහා සජීවිව අමතා මෙම ප්රහාරයට තමන් වගකිව යුතු නැති බව ප්රකාශ කර තිබේ.
බුර්කා භීතිකාව කරළියට - බුර්කා වලින් සැරසුනු සැකකරුවන් දෙදෙනෙකු හැඳල පන්සල අසලදී කොටු වේ - (photos)
බුර්කාවෙන් සැරසුනු පුද්ගලයන් දෙදෙනෙකු වත්තල හැඳල පන්සලක් අසලකදී ප්රදේශවාසීන් විසින් අල්ලා ගත් පුවතක් සමාජජාලා මාධ්යයේ සංසරණය වෙමින් පවතිනවා. මෙහිදි එක් පුද්ගලයෙක් පැන ගිය බවත් එම අල්ලා ගත් සෙසු පුද්ගලයා පවසා ඇත්තේ ඔවුන්ගේ සැලසුම වී ඇත්තේ නායකකන්ද ප්රදේශයේ කන්යාරාමයකට පහර දීම බවයි.
ප්රහාරවල වගකීම මුජිබර් රහුමාන් බාර ගත යුතුයි - විජේදාස
දිවයිනේ ප්රදේශ කිහිපයක සිදුවූ බෝම්බ පිපිරීම්වල වගකීම පාර්ලිමේන්තු මන්ත්රී මුජිබර් රහුමාන් මන්ත්රීවරයා ඇතුළු ආණ්ඩුවේ ඇතැම් ඇමතිවරු විසින් බාර ගත යුතු බව එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්රී විජේදාස රාජපක්ෂ මහතා පවසයි.
රටේ වත්මන් තත්ත්වය පිළිබඳ පාර්ලිමේන්තුවේ පාර්ලිමේන්තු විශේෂ සභාවාරය මන්ත්රීවරයා මේ බව සඳහන් කළේය.
රටේ වත්මන් තත්ත්වය පිළිබඳ පාර්ලිමේන්තුවේ පාර්ලිමේන්තු විශේෂ සභාවාරය මන්ත්රීවරයා මේ බව සඳහන් කළේය.
අමල් පෙරේරා ශ්රී ලංකාවට පිටුවහල් කිරීමට නියෝග කෙරේ !
පසුගිය පෙබරවාරි 05 වෙනිදා ඩුබායි පොලිසිය විසින් මාකදුරේ මධුෂ් සමගින් අත්අඩංගුවට ගන්නා ලද ගායන ශිල්පී අමල් පෙරේරා ශ්රී ලංකාවට පිටුවහල් කරන ලෙස එරට මහජන අභිචෝදකවරුන් නියෝගයක් නිකුත් කර තිබේ.
මාලිංග සමාව ගනී.. සුබ පුවතක් බලාපොරොත්තුවෙන්නැයි දන්වයි !
සුපිරි වේග පන්දු යවන ක්රීඩක ලසිත් මාලිංග ක්රිකට් පිටියෙන් විශ්රාම ගැනීම සම්බන්ධයෙන් පල කල පුවත සම්බන්ධයෙන් සමාව ඉල්ලා සිටින බවට ඔහුගේ නමින් පවත්වාගෙන යන ෆේස්බුක් ගිණුමේ සංස්කාරකවරයා ඉල්ලා ඇත. සුබදායක පුවතක් බලාපොරොත්තු වන ලෙසද නව දැනුම් දීමේ සදහන්ය.
මීතොටමුල්ල නායගියේ කොළඹ නගර සභාවේ වරදින් - විගණකාධිපති වාර්තාවෙන් කියයි
මීතොටමුල්ල කසළ කන්ද නායයෑම නිසා මිනිස් ජීවිත තිස් දෙකක් ඇතුළුව සිදු වූ ජීවී සහ අජීවී හානි සම්බන්ධයෙන් කොළඹ මහනගර සභාව වගකිව යුතු බව නිගමනය කරමින් විගණකාධිපතිවරයා ඒ පිළිබඳ සිය වාර්තාව නිකුත් කර ඇත.
මධූෂ්ගෙ පාටි කල්ලියේ තවත් 6ක් ලංකාවට !
පාතාල කල්ලි නායක මාකඳුරේ මධූෂ් සමඟ අත්අඩංගුවට ගෙන රඳවා තබා ගෙන සිටි තවත් 06 දෙනෙකු අද (17) දින අලුයම කටුනායක ගුවන් තොටුපළ වෙත එවා තිබේ. ඔවුන් අතර සෙනෙවිරත්න මාවතගේ දයාන් බුද්ධිම පෙරේරා ,මොහොමඩ් බදුර්දීන් මොහොමඩ් රියාස් , රණසිංහගේ සුරේෂ් වසන්ත, යොන් මෙරන්ග සයිමන් හේවගේ රූපදාස,මොහොමඩ් ජබීර් මොහොමඩ් හිබ්රේ සහ සමරසිංහගේ නිලාන් රොමේෂ් යන අය සිටිති.
මධුෂ්ට කෝටි 1000ක මුදල් සහ දේපළ !
මාකඳුරේ මධුෂ්ට රුපියල් කෝටි දාහකට ආසන්න මුදලක් සහ දේපළත් තිබෙන බව ඔහුගේ සමීපතම ගෝලයා වූ අත්අඩංගුවට පත් කැලූම් ඉන්දික සම්පත් යන අය පොලිසියට තොරතුරු අනාවරණය කළ බව පෑලියගොඩ අපරාධ කොට්ඨාසයේ විශේෂ මෙහෙයුම් කණ්ඩායම් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ලින්ටන් සිල්වා ප්රකාශ කළේය.
ලංකාවට ලෝකෙම කොචොක් කරන නිසා මෙවර ලෝක කුසලානය දිනන්න පුළුවන් - ඇමති හරීන්
මෙවර ලෝක කුසලාන තරගාවලියේදී ශ්රී ලංකා කණ්ඩායම පෙරලියක් කරනු ඇති බව ක්රීඩා ඇමති හරීන් ප්රනාන්දු මහතා පවසයි.
1996දී මෙන්ම මෙම තරගාවලියේදී ශ්රී ලංකාන අතපසුවීම් සිදු නොකලහොත් සාර්ථක ප්රතිඵල ලැබෙනු ඇති බවත් ඔහු කියයි.
1996දී මෙන්ම මෙම තරගාවලියේදී ශ්රී ලංකාන අතපසුවීම් සිදු නොකලහොත් සාර්ථක ප්රතිඵල ලැබෙනු ඇති බවත් ඔහු කියයි.
මාකඳුරේ මදූෂ්ට අයත් මෙරට කුලීරථ සමාගමක් ගැන කංජිපානි ඉම්රාන් තොරතුරු වමාරයි..! තවත් රහස් රැසක් එළියට
මාකඳුරේ මදූෂ්ට අයත් බව කියන මෑතකදී ප්රසිද්ධියක් ලැබූ කුලී රථ සමාගමක් පිළිබඳ තොරතුරු හෙලි වී තිබෙනවා. රැඳවුම් නියෝගමත කොළඹ වරාය භූමියේ අධි ආරක්ෂිත කුටියක රඳවාගෙන කංජිපානි ඉම්රාන්ගෙන් කරන ලද ප්රශ්න කිරීම්වලදී එම තොරතුරු අනාවරණය වී තිබෙනවා. එම කුලී රථ සමාගමේ හිමිකරු ලෙස මොහොමඞ් ඉම්රාන් මොහොමඞ් නජීම් නොහොත් කංජිපානි ඉම්රාන් පෙනී සිට ඇති අතර එම ආයතනය පවත්වාගෙන ගොස් ඇත්තේ මොහොමඞ් රිස්බාන් නමැත්තෙක්.
මාකඳුරේ මදූෂ්ට අයත් මෙරට කුලීරථ සමාගමක් ගැන කංජිපානි ඉම්රාන් තොරතුරු වමාරයි..! තවත් රහස් රැසක් එළියට
මරණ දඩුවම මැයි පළමු වනදාට පෙර කි්රයාත්මක කිරීමේ සූදානමක් !
මැයි මස පළමු වනදාට පෙර මරණ දඩුවම කි්රයාත්මක කිරීමට ජනාධිපතිවරයා තීරණයක් ගෙන ඇතැයි වාර්තා වුණා.
ඒ අනුව අධිකරණය මගින් මරණ දඩුවම නියම කර සිටින මත්ද්රව්ය ජාවාරම්කරුවන් 4 දෙනෙකුට පළමුව මරණ දණ්ඩනය කි්රයාත්මක කෙරෙනු ඇති බවටයි වැඩිදුරටත් තොරතුරු වාර්තා වුණේ.
ඒ අනුව අධිකරණය මගින් මරණ දඩුවම නියම කර සිටින මත්ද්රව්ය ජාවාරම්කරුවන් 4 දෙනෙකුට පළමුව මරණ දණ්ඩනය කි්රයාත්මක කෙරෙනු ඇති බවටයි වැඩිදුරටත් තොරතුරු වාර්තා වුණේ.
ක්රිකට් ලෝකය කණපිට හැරෙන තීරණයක් එක්ක මාලිංග නායකයා වෙන ලකුණු
ලෝක කුසලානයට ක්රීඩා කරන ශ්රී ලංකා කණ්ඩායම ගැන තීරණයක් ගැනීමට පහසු වෙන්න ශ්රී ලංකා ක්රිකට් ආයතනය විසින් අන්තර් පළාත් එක්දින ක්රිකට් තරගාවලියක් පවත්වනවා. ඒ ගැන ක්රිකට් බලන හැමෝම දන්නවා. ඉතින් මේ වෙනකොට එකේ 3 වෙනි ස්ථානය තේරීමේ තරගය නුවර සහ දඹුල්ල කණ්ඩායම් අතර පැවැත්වෙනවා.
අධි ආරක්ෂිත සිරමැදිරියක සිට කංජිපානි ඉම්රාන් ඝාතන රැල්ලක් ගැන හෙළිකරයි
ඩුබායිහි අත්අඩංගුවේ පසුවන මාකඳුරේ මදූෂ්ට අයත් බව පැවසෙන කුළී පදනම මත වාහන ලබා දෙන ආයතනයක් පිළිබඳ තොරතුරු වාර්තා වී තිබෙනවා. ඒ සඳහා සම්පූර්ණයෙන්ම මුදල් යොදවා ඇත්තේ මාකඳුරේ මදූෂ් බවයි හෙළිවී ඇත්තේ.
පාර්ලිමේන්තු දොරවල් හදන්න කෝටි 60 ක් !
පාර්ලිමේන්තුවේ පිවිසුම් දොරටු දෙක නවීකරණය කිරීම සඳහා රුපියල් කෝටි 60ක මුදලක් වැයවන බවට ඇස්තමේන්තු සකස් කර ඇතැයි වාර්තා වේ.
මාදිවෙල මන්ත්රී නිවාසවල සිට පැමිණෙන පන්නියර පිවිසුම් දොරටුව නවීකරණය කිරීමට රුපියල් කෝටි 20ක ඇස්තමේන්තුවක් ඉදිරිපත්ව තිබේ.
මාදිවෙල මන්ත්රී නිවාසවල සිට පැමිණෙන පන්නියර පිවිසුම් දොරටුව නවීකරණය කිරීමට රුපියල් කෝටි 20ක ඇස්තමේන්තුවක් ඉදිරිපත්ව තිබේ.
එජාපයේ පිරිසක් මෛත්රිගේ පැත්තට හැරෙන්න සූදානමක් !
ජනාධිපති මෛත්රිපාල සිරිසේනට සහාය පළ කිරීම සඳහා එජාපයේ පිරිසක් සූදානමින් සිටින බව දේශපාලන අභ්යන්තර ආරංචි මාර්ගවලින් වාර්තා වේ. ඒ පිළිබඳ වන සාකච්ඡාවක් පසුගිය දිනවල ජනාධිපතිවරයාට සහාය පළ කරන ශ්රී ලංකා නිදහස් පක්ෂයේ ප්රබලයකුගේ ප්රධානත්වයෙන් කොළඹදී පවත්වා ඇති බව දැනගන්නට තිබේ.
මධූෂ් සමඟ අත්අඩංගුවට ගත් රංගන ශිල්පී රයන් සමඟ 4ක් දිවයිනට
ප්රබල අපරාධ කල්ලි සාමාජික මාකඳුරේ මදූෂ් සමග ඩුබායිහිදී අත්අඩංගුවට ගත් රංගන ශීල්පී රයන් වැන්රෝයන් ඇතුළු 04 දෙනෙකු අද උදෑසන දිවයිනට පැමිණ ඇත.
අද (04) අළුයම 05.25ට ඩුබායි සිට පැමිණි යූ.එල් 226 දරණ ගුවන් යානයෙන් ඔවුන් දිවයිනට පැමිණ ඇති බව වාර්තා වෙයි.
අද (04) අළුයම 05.25ට ඩුබායි සිට පැමිණි යූ.එල් 226 දරණ ගුවන් යානයෙන් ඔවුන් දිවයිනට පැමිණ ඇති බව වාර්තා වෙයි.

























