ක්‍රිකට් ලෝකය කණපිට හැරෙන තීරණයක් එක්ක මාලිංග නායකයා වෙන ලකුණු - HOT NEWS | hotnews.lk | ඇත්ත දැනගන්න මෙතැනින් එන්න

HOT NEWS | hotnews.lk | ඇත්ත දැනගන්න මෙතැනින් එන්න

hotnews.lk Latest Hot News and Gossip Updates from Sri Lanka.

gossip lanka

ක්‍රිකට් ලෝකය කණපිට හැරෙන තීරණයක් එක්ක මාලිංග නායකයා වෙන ලකුණු

ලෝක කුසලානයට ක්‍රීඩා කරන ශ්‍රී ලංකා කණ්ඩායම ගැන තීරණයක් ගැනීමට පහසු වෙන්න ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් අන්තර් පළාත් එක්දින ක්‍රිකට් තරගාවලියක් පවත්වනවා. ඒ ගැන ක්‍රිකට් බලන හැමෝම දන්නවා. ඉතින් මේ වෙනකොට එකේ 3 වෙනි ස්ථානය තේරීමේ තරගය නුවර සහ දඹුල්ල කණ්ඩායම් අතර පැවැත්වෙනවා.
අවසන් මහා තරඟය තියෙන්නේ හෙට ගාල්ල සහ කොළඹ කණ්ඩායම් අතරයි.

මේ වෙනකොට අපට දැනගන්න ලැබුණු ආරංචි අනුව ලෝක කුසලානයට යන කණ්ඩායමේ නායකත්වය ලසිත් මාලිංගට හෝ ඇන්ජලෝ මැතිව්ස්ට ලැබෙන්න පුළුවන්. හෙට තරඟය මාලිංගගේ කණ්ඩායම ජය ගත්තොත් ඒක මාලිංගට තවත් වාසියක් වෙයි.

කෙසේ වෙතත් ප්‍රධාන පුහුණුකරු හතුරුසිංහ සහ ඇන්ජලෝ අතර තිබෙන යම් යම් අර්බුධයන් නිසා ලසිත් මාලිංගට නායකත්වය ලැබීමට බොහෝ දුරට ඉඩකඩ තිබෙනවා. හෙට මැච් එකෙන් පස්සේ ලංකාවේ ක්‍රිකට් කණපිට හැරෙන තීරණයකුත් බලාගන්න පුළුවන් කියන ආරංචියකුත් තියෙනවා. අපි බලමු ලසිත් මාලිංග ද ඇන්ජලෝ ද ලෝක කුසලාන සිහිනය කපිතාන් වෙන්නේ කියලා.