ෆොන්සේකාට අභ්‍යන්තර කටයුතු පිළිබඳ ඇමැති ධුරය !

පාර්ලිමේන්තු මන්තී‍්‍ර ෆීල්ඞ් මාෂල් සරත් ෆොන්සේකා මහතාට අභ්‍යන්තර කටයුතු පිළිබඳ අමාත්‍ය ධුරය ලබාදීම සඳහා ජනාධිපති මෛති‍්‍රපාල සිරිසේන මහතා වෙත නිර්දේශ කර යැවීමට ආණ්ඩුව ඊයේ (10දා) තීරණය කර ඇත. ඇමැති ධුරය ලැබෙන තෙක් අභ්‍යන්තර කටයුතු අමාත්‍යාංශයේ සියලූම කටයුතු අධීක්ෂණය කරන ලෙසද ෆොන්සේකා මහතා වෙත අග‍්‍රාමාත්‍ය කාර්යාලය ඊයේම දැනුම්දී තිබේ.


ෆොන්සේකා මහතාට මෙම අමාත්‍යංශය ලබාදීමට තීරණය කර ඇත්තේ කිසියම් පුද්ගලයකුට ද්විත්ව පුරවැසිභාවය හෝ ශ‍්‍රී ලංකා පුරවැසිභාවය දීමට අවසන් අනුමැතිය පළ කළ යුත්තේ අභ්‍යන්තර කටයුතු අමාත්‍යවරයා විසින් වීම හේතුවෙනි.

සරත් ෆොන්සේකා මහතාට මෙම අමාත්‍යංශය ලබාදීමට ආණ්ඩුව තීරණය කර ඇත්තේ මීට පෙර ලබාදීමට තීරණය කර තිබූ අමාත්‍යාංශ විෂයයන්වලට අමතරවය.

එක්සත් ජාතික පෙරමුණු ආණ්ඩුවේ ජ්‍යෙෂ්ඨ අමාත්‍යවරුන් කණ්ඩායමක් අරලියගහ මන්දිරයේදී අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා හමු වූ අවස්ථාවේදී මේ පිළිබඳව දීර්ඝ වශයෙන් සාකච්ඡුා කර තීරණයට එළැඹ තිබේ.

ජපන් සංචාරය නිමකර ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතා ශ‍්‍රී ලංකාවට පැමිණි විගස ෆීල්ඞ් මාෂල් සරත් ෆොන්සේකා මහතාට අභ්‍යන්තර කටයුතු විෂය පැවරීමට අදාළ නිර්දේශය ඔහු වෙත යොමු කිරීමට නියමිතය.

අකිත පෙරේරා
Previous Post Next Post