මා අත්අඩංගුවට ගැනීම හිටපු ජනපති සිරිසේනගේ කුමන්ත‍්‍රණයක් - රවි කරුණානායක

බැඳුම්කර වංචා සම්බන්ධයෙන් තමන් අත්අඩංගුවට ගැනීමට ලබාදී ඇති ඇති නියෝගය කුමන්ත්‍රණයක් බව බවත් එහි පිටුපස හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සිටින බවත් හිටපු මුදල් ඇමැති රවි කරුණානායක මහතා සඳහන් කරයි. මැතිවරණය කැඳවීමත් සමගම තමන් අත්අඩංගුවට ගැනීමට පොලිස්පතිවරයාට නියෝග ලබාදීම පැහැදිලිවම දේශපාලන කුමන්ත්‍රණයක් යැයි ද ඔහු පැවසීය.



තමන් මුදල් ඇමැති ධුරය දැරූ සමයේ කිසිදු බැංකුවක් තමන් යටතේ නොතිබූ බවද පවසන ඔහු එනිසා බැඳුම්කර වංචාව සම්බන්ධයෙන් එල්ල වන චෝදනා ප්‍රතික්ෂේප කරන බව කියා සිටියේය.

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා 2017 වර්ෂයේ දී තමන්ගේ නමද බොරුවට ප්‍රකාශ කළ බවද මෙම සිද්ධියේදී එල්ල කරන චෝදනා දැඩිව හෙළා දකින බවද කරුණානායක මහතා තව දුරටත් සඳහන් කළේය.

කොළඹදී මාධ්‍ය අමතමින් ඔහු මෙම අදහස් පල කරන ලදී.
Previous Post Next Post