කබීර් හෂීම්, රිෂාඩ් බදියුදීන් ත‍්‍රස්ත සංවිධානයක් සමග ව්‍යාපාර කරන බව හෙලි වේ.. වැඩි අයෝජන බදියුදීන්ගෙන්

රිෂාද් බදියුදීන් සහ කබීර් හසීම් යන හිටපු කැබිනට් ඇමතිවරුන් දෙදෙනා ජාත්‍යන්තර ත්‍රස්ත සංවිධානයක් තුර්කියේ සිට ක්‍රියාත්මක ‘ෆෙටෝ’ සංවිධානයේ මෙරට ව්‍යාපාරවල සම්බන්ධ බව හෙළි වී ඇත.

ඊයේ දිනයේ මෙම අනාවරණය සිදුවූයේ පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් සොයා බලන ජනාධිපති පරීක්ෂණ කොමිසම හමුවේ දී ය.


හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වසන්ත සේනානායක සහ විදේශ අමාත්‍යාංශයේ වැඩබලන අධ්‍යක්ෂ ජෙනරාල් ධම්මිකා කුමාරි මෙම කොමිසම ඉදිරියේ සාක්ෂි ලබාදෙමින් මෙම හෙළිදරව් කරන ලදී.

තුර්කි ත්‍රස්ත සංවිධානයක් මෙරට ව්‍යාපාර පවත්වාගෙන යන බවත් ඒ සඳහා මෙම ඇමතිවරුන් හිටපු ඇමැතිවරු දෙස සම්බන්ධ බවටත් එහිදී ඔවුන් විසින් සඳහන් කරන ලදී.

එම ව්‍යාපාර සඳහා වැඩි ආයෝජනයක් හිටපු ඇමති රිෂාඩ් බදියුදීන් යොදවා ඇති බවද තවදුරටත් හෙළි විය.
Previous Post Next Post