මං ජාතික දේශපාලනය අතහරිනවයා.. පොලොන්නරුවේ නායකයා වෙලා ඉන්නවා..- යලිත් ශ‍්‍රීලනිපය හද්දා අමාරුවේ දමමින් සිරිසේන කියයි

යළිත් ජාතික දේශපාලන පැමිණීමට තමන්ගේ කිසිදු අදහසක් නැති බව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සඳහන් කරයි.

ඉදිරියේදී තමන් පොළොන්නරුවේ නායකයා වෙමින් පොලොන්නරුවේ පමණක් දේශපාලන කටයුතුවල නිරත වන බවද ඔහු පැවසීය.


හිටපු ජනාධිපතිවරයා මේ බව කියා සිටියේ මැදිරිගිරිය ප්‍රදේශයේ පැවති ජන හමුවක් අමතමිනි.

කෙසේ නමුත් සිරිසේන මහතා නායකත්වය දරන ශ්‍රී ලංකා නිදහස් පක්ෂ දැනටමත් ජාතික දේශපාලනයේ නිරතවන අතර මෙම ප‍්‍රකාශයත් සමග එම පක්‍ෂය යලිත් අර්බුදයකට පත් වෙයි.
Previous Post Next Post