පෝස්ටර් සංස්කෘතිය අවසන් කර පරිසර හිතකාමී මැතිවරණ ප්‍රචාරණයකට ඇමති ඉන්දික අනුරුද්ධ පෙරමුණ ගනී.

හිටපු රාජ්‍ය අමාත්‍ය ඉන්දික අනුරුද්ධ මහතා ඊයේ දින මැතිවරණ රැස්වීමක් අමතමින් කියා සිටියේ තමන් මෙවර මැතිවරණයේ ප්‍රචාරණ කටයුතු පෝස්ටර් භාවිතා කිරීමකින් තොරව සිදුකරන බවත්
තම ආධාර කරුවන්ගෙන්ද කිසි ලෙසකින්වත් පෝස්ටර් භාවිතා නොකරන ලෙස ඉල්ලා සිටින බවද කියා සිටියේය.


තවද තම සහෝදර අපේක්ෂකයන්ටද පෝස්ටර් රහිතව පරිසර හිතකාමී ලෙස මැතිවරණ ප්‍රචාරණය සිදු කරනා ලෙසට එතුමන් ආරාධනා කර සිටි අතර තරුණ තරුණියන් එක්වී රටම පිරිසිදු කර ඇති මොහොතක දේශපාලන අපේක්ෂකයන් විසින් පෝස්ටර් ගසා පරිසරය අපිරිසිදු කිරීම අනුවණ ක්‍රියාවක් බවත් තව දුරටත් කියා සිටියේය.

එසේම එජාප අර්බුදය ගැනත් එතුමන් මෙසේ අදහස් අදහස් දක්වා සිටියේය,

"අද වෙනකොට එජාපය තීන්දු කරලා තියෙනවා ආයෙ අලියගෙන් එනවා කියලා. දැං ෆෝන් එක විසිවෙලා. හදවත ගැලවිලා,හංසයා ආගිය අතක් නෑ. ඒ නිසා අපිට මේ වතාවෙ තුනෙන් දෙකකට යන්න පුලුවන්.
අපේ පාක්ෂිකයො උනන්දු වෙන්න ඕන ඒ වෙනුවෙන්. තුනෙන් දෙකක් අරගෙන රටට අහිතකර ව්‍යවස්ථාව රටට ගැලපෙන විදියටජනතාවට වාසි සහගත විදියට වෙනස් කරන්න පුලුවන්. අපි පුලුවන් තරම් අයව ඡන්ද පොළට එක්ක යන්න වැඩ සටහන් යොදන්න ඕනේ"


Previous Post Next Post