දුරකතනයෙන් තරග වදින බව සජිත් මැතිවරණ කොමිසමට ලිඛිතව දන්වයි

ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණය සඳහා සමගි ජනබලවේගය ‘දුරකථනය’ ලකුණින් තරඟ වදින බව එහි මහ ලේකම් රංජිත් මද්දුමබණ්ඩාර මහතා විසින් මැතිවරණ කොමිසම දැනුම්දී ඇත.

සජිත් ප්‍රේමදාස මහතාගේ නායකත්වයෙන් යුතු සමගි ජන බලවේගය මහලේකම් ධුරය දරන රංජිත් මද්දුමබණ්ඩාර මහතා විසින් මේ බව මැතිවරණ කොමිසමට ලිඛිතව දැනුම්දී ඇත.


රටපුරා දිස්ත‍්‍රික්ක 22ක් සදහා ‘දුරකථනය’ ලකුණින් තම බලවේගය තරග වදින බවත් ඔහු දන්වා තිබේ.

මේ අතර එක්සත් ජාතික පක්ෂයද රටපුරා මැතිවරණ දිස්ත්‍රික්ක 22ක් සඳහා අලියා ලකුණින් තරඟ වදින බවට මැතිවරණ කොමිසම වෙත දැනුම් දී ඇත.

මේ අතර ඉදිරි මැතිවරණය සඳහා පක්‍ෂ ලකුණු වෙනස් කිරීම සඳහා ලබාදුන් කාලය අද දින අවසන් වෙයි.
Previous Post Next Post