සමාජ මාධ්‍ය කම්පා කරමින්, රටම කතා කළ කුඩා දැරියක් අපයෝජනයට ලක් වන වීඩියෝව ගැන ෆේස්බුක් සමාගම ගත් තීරණය

කුඩා දැරියක අපයෝජනයට ලක්වන විඩියෝපටය හුවමාරු වීම, ෆේස්බුක් සමාගම විසින් මේ වනවිට අත්හිටුවා තිබෙනවා.

ජාතික ළමා රක්ෂක අධිකාරියේ සභාපති මහාචාර්ය මුදිත විදානපතිරණ ප්‍රකාශ කළේ සිංගප්පූරුවේ පිහිටි එම සමාගමේ, නීතිය බලගැන්වීමේ ඒකකයට කළ දැනුම්දීමකට අනුව මෙම පියවර ගෙන ඇති බවයි.


මෙම දැරිය අපයෝජනයට ලක් කරන පුද්ගලයා කවුරුන්ද යන්න හදුනා ගැනීම සදහා තවදුරටත් විමර්ශන සිදුකරනවා.

මේ සම්බන්ධයෙන් මැණික් ව්‍යාපාරික ප්‍රියංග පුෂ්පකුමාර, ජාතික ළමා ආරක්ෂක අධිකාරිය වෙත පැමිණ ඊයේ ප්‍රකාශයක් ලබා දුන්නා.

අනතුරුව ඔහු කොළඹ අධිකරණ වෛද්‍යවරයා වෙත ඉදිරිපත් කර තිබෙනවා.

එසේම, වීඩියෝ පටයේ හඩ පරික්ෂාව ද, රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුව මගින් සිදුකෙරෙන අතර, එහි ප්‍රතිඵල ඉදිරියේදී ලැබෙනු ඇති බවයි ජාතික ළමා රක්ෂණ අධිකාරියේ සභාපති මහාචාර්ය මුදිත විදානපතිරණ වැඩිදුරටත් කියා සිටියේ.
Previous Post Next Post