කොරෝනා වෛරසය වැළදුණු රෝගීන් 04ක් රෝහලෙන් පිටව යයි

කොරෝනා වෛරසය ආසාදනය වී රෝහල්ගත කර සිටි තවත් පුද්ගලයන් හතර දෙනෙකු පූර්ණ සුවය ලබා තිබේ.

කොළඹ ජාතික උණ රෝහලේ ප්‍රතිකාර කරමින් සිටි ලබමින් සිටි මෙම සිව්දෙනා සම්පූර්ණයෙන්ම සුව ලැබීමෙන් පසු රෝහලෙන් පිටත් කර යැවූ බව රෝහල් ප්‍රකාශකයෙකු සඳහන් කළේය.


ඒ අනුව දැනට රෝහල්ගතව ප්‍රතිකාර ලබන සංඛ්‍යාව 95ක් වෙයි.
Previous Post Next Post