කොරෝනා සමග සටන් කරන IDH රෝහල් සේවකයන් කබලෙන් ළිපට - කුළී නිවාස සහ බෝඩිම්වලින් පන්නා දමයි !

මේ දිනවල කොළඹ බෝ වන රෝග විද්‍යාතනයේ එනම් අංගොඩ IDH රෝහලේ දිවා රෑ නොතකා කොරෝනා රෝගීන් සුවපත් කිරීම වෙනුවෙන් සේවය කරන හෙදියන් සහ සුළු සේවකයන් පිරිසකට මහත් දුෂ්කරතාවකට මුහුණ පෑමට සිදුව තිබේ.


ඒ ඔවුන් රැඳී සිටින නිවාස සහ බෝඩිම්වලින් ඉවත් වන ලෙස නිවාස හිමියන් විසින් දැනුම් දීම නිසාය. මෙම සේවකයන් මාර්ගයෙන් තමන්ට ද කොරෝනා වෛරසය ආසාදනය වනු ඇතැයි එම නිවාස හිමියන් බියට පත්වීම මෙයට හේතු වී තිබේ.

මෙම තත්ත්වය පිළිබඳ ආණ්ඩුව අවධානය යොමු කළ යුතු බව සමාජමාධ්‍යවල සඳහන් වෙයි.
Previous Post Next Post