පළමු තරගයේ ජය ගිලිහී ගිය ශ්‍රී ලංකාව මීළඟ තරගයට සූදානම් වෙයි - HOT NEWS | hotnews.lk | ඇත්ත දැනගන්න මෙතැනින් එන්න

HOT NEWS | hotnews.lk | ඇත්ත දැනගන්න මෙතැනින් එන්න

hotnews.lk Latest Hot News and Gossip Updates from Sri Lanka.

gossip lanka

පළමු තරගයේ ජය ගිලිහී ගිය ශ්‍රී ලංකාව මීළඟ තරගයට සූදානම් වෙයි

ශ‍්‍රී ලංකාව සමග පැවැත්වෙන තරග 05කින් යුත් එක්දින ක‍්‍රිකට් තරගාවලියේ පළමු තරගය කඩුලු 08කින් ජය ගැනීමට දකුණු අප‍්‍රිකාව ඊයේ (03) රාත‍්‍රියේ සමත් වුණා.

පළමුවෙන් පන්දුවට පහරදුන් ශ‍්‍රී ලංකා කණ්ඩායම සියලු දෙනා දැවී ලකුණු 231යි.
පන්දුවාර 38යි පන්දු 05ක දී කඩුලූ 02ක් පමණක් දැවී ලකුණු 232ක් ලබා ගැනීමට දකුණු අප‍්‍රිකාව සමත් වුණා.

පෆ් ඩු ෆ්ලෙසිස් නොදැවී ලකුණු 112යි. ක්වින්ටන් ඞී කොක් ලකුණු 81ක් ලබා ගත්තා.

තරගය පැවැත්වුණේ දකුණු අප‍්‍රිකාවේ ජොහැන්නස්බර්ග්හිදීයි.

දෙපිල අතර මීළග තරගය අනිද්දා (06) පැවැත්වෙනවා.