ලාල්කාන්ත රක්ෂිත බන්ධනාගාර ගත කෙරේ !

අනුරාධපුර පොලිසිය විසින් අත්අඩංගුවට ගන්නා ලද ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන මණ්ඩල සභික හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී කේඩී ලාල්කාන්ත මහතා එළැඹෙන දාහතරවන දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.

අනුරාධපුර මහේස්ත්‍රාත් අධිකරණය හමුවට අද දිනයේ ඉදිරිපත් කළ පසු මෙම නියෝගය නිකුත් කර ඇත.

අනුරාධපුර බන්ධනාගාරය අසලදී ලාල්කාන්ත මහතා විසින් පදවන ලද කැබ් රථයේ හැපීමෙන් කාන්තාවක් බරපතළ තුවාල ලැබූ අතර තවත් දරුවෙකු තුවාල ලබා තිබේ.

එම අවස්ථාවේදී හිටපු මන්ත්‍රීවරයා මත්පැන් පානය කර සිටි බවට පොලීසිය පරීක්ෂණවලදී තහවුරු කරගෙන ඇත.
Previous Post Next Post