ඉන්දියාවෙන් වැලි ගෙන්වීමේ සැලැසුමක් !

ප්‍රථමවරට සංවර්ධන ව්‍යාපෘති සඳහා අවශ්‍ය වැලි පිට රටින් ගෙන ඒමට සැලැසුම් කර ඇතැයි භූවිද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශය කියයි.

එම කාර්යංශයේ කැණීම් අංශයේ අධ්‍යක්ෂ ඉංජිනේරු සජ්ජන ද සිල්වා මහතා කියා සිටියේ වැලි කියුබ් මිලියන 3කට වැඩි ප්‍රමාණයක් කොළඹ නගරය ආශ්‍රිත කඩිනම් ව්‍යාපෘති කිහිපයක් සඳහා ආනයනය කිරීමට සැලැසුම් කර ඇති බවයි.
මේ පියවර ගෙන ඇත්තේ කඩිනම් සංවර්ධන ව්‍යාපෘතිවලට ගංගා ආශ්‍රිතව වැලි ලබා ගැනීමෙන් සිදුවන පරිසර දූෂණය හා ඒ ඔස්සේ සිදුවිය හැකි වැලි කැණීම් අක්‍රමිකතා පියවා ගැනීමට මේ තීන්දුව ගෙන ඇති බවයි.

පොර්ට් සිටි ඇතුළු ව්‍යාපෘති කිහිපයක් හේතුවෙන් වැලි ඉල්ලුම ඉහල ගොස් ඇති බවද ඒ මහතාගේ මතය වේ.

වැලි ආනයනය සම්බන්ධයෙන් ඉන්දියාව සමඟ සාකච්ඡා කර ඇති බවද මේ අතර වාර්තා වේ.
Previous Post Next Post