මන්ත්‍රීලා 5ක් CID ය මඟහැරලා !

පාර්ලිමේන්තු සභාගර්භයේ ගැටුම ඇති කිරීම සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඒ සම්බන්ධයෙන් ප්‍රශ්න කිරීමට මන්ත්‍රීවරු පස් දෙනකු මේ සතිය තුළදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවට කැඳවා ඇතැයි වාර්තා වේ.

එක්සත් ජනතා නිදහස් සන්ධාන මන්ත්‍රීවරුන් වන ජොන්ස්ටන් ප්‍රනාන්දු, ප්‍රසන්න රණවීර, නිරෝෂන් ප්‍රේමරත්න, විමල් වීරවංශ සහ සනත් නිශාන්ත යන පස් දෙනා එලෙස කැඳවා තිබේ.

 කථානායකවරයාගේ කැඳවීමට අනුව පාර්ලිමේන්තු සභාගර්භයට පැමිණි පොලිස් නිලධාරීන්ට පහරදීම යන චෝදනාව යටතේ ජොන්ස්ටන් ප්‍රනාන්දු, ප්‍රසන්න රණවීර සහ නිරෝෂන් ප්‍රේමරත්න යන මන්ත්‍රීන්

විමල් වීරවංශ සහ සනත් නිශාන්ත මන්ත්‍රීන්ට එරෙහිව ඇත්තේ පොලිස් නිලධාරීන්ගේ රාජකාරියට බාධා කිරීමේ චෝදනාවයි.

මේ මන්ත්‍රීන්ට එල්ල වී ඇති චෝදනා සම්බන්ධයෙන් ප්‍රශ්න කිරීමටත් ඔවුන්ගේ පාර්ශ්වයෙන් කරුණු දැක්වීමටත් අවස්ථා කිහිපයක්ම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවට පැමිණෙන ලෙස දැනුම් දුන්නද දිගින් දිගටම ඔවුන් මඟහරිමින් සිටින බවද මේ නිලධාරියා පැවැසීය.

මෙවර කැඳවීමද ඔවුන් මඟහැර සිටින්නේ නම් දණ්ඩ නීති සංග්‍රහයේ විධිවිධානවලට අනුව ඔවුන්ට එරෙහිව අවසන් දැනුම් දීම කරන බවත්, එයද මඟහරින්නේ නම් අධිකරණයට කරුණු දක්වමින් අධිකරණ නියෝගයක් ගැනීමට පියවර ගැනීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සූදානමින් සිටී.
Previous Post Next Post