ඥානසාර හිමි බන්ධනාගාරයේ උපස්ථාන වැඩට ගනියි !

මේ වන විට බන්ධනාගාර ගතව සිරදඬුවම් විඳින බොදුබලසේනා සංවිධානයේ මහලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් වැලිකඩ බන්ධනාගාරයේ උපස්ථාන කටයුතු වලට යොමු කර ඇතැයි වාර්තා වේ.
අධිකරණයට අපහාස කිරීම සම්බන්ධයෙන් සිරදඬුවම් නියම වී සිටින ඥාණසාර හිමියන්ට ඇතිවූ වකුගඩු රෝගී තත්වයක් හේතුවෙන් උන්වහන්සේ බන්ධනාගාර රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලැබීය.

නමුත් ඊයේ වන විට උන්වහන්සේගේ සෞඛ්‍ය තත්වය යහපත් වීම හේතුවෙන් යළි බන්ධනාගාරයට යැවීමට බන්ධනාගාර නිලධාරීන් තීරණය කර තිබුණි.

එහිදී අධිකරණ නියෝගයට අදාළව තමන්ට පැවරුණු බන්ධනාගාර ක්‍රියාකාරකම් සම්බන්ධයෙන් ඥානසාර හිමියන් විරෝධය පළ කිරීම හේතුවෙන් උන්වහන්සේ වැලිකඩ බන්ධනාගාර රෝහලේ උපස්ථාන කටයුතු වලට යොමු කර ඇතැයි වාර්තා වේ.
Previous Post Next Post