අයවැයෙන් ඉවත් කළ බද්දක් ජනපති නියෝගයෙන් යලි ක්‍රියාත්මකයි

මෙවර අයවැයෙන් ඉවත් කරන ලද ජාත්‍යන්තර දුරකතන ඇමතුම් මත අය කරන විදුලි සංදේශ බද්ද නැවත පනවන්නැයි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඊයේ (12) පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී දැනුම් දී ඇතැයි වාර්තා වේ.
ජාත්‍යන්තර දුරකතන ඇමතුම් මත අය කරන විදුලි සංදේශ බද්ද ඉවත් කිරීමෙන් රජයට රුපියල් කෝටි 600ක පමණ වාර්ශික ආදායමක් අහිමිවන බව ජනාධිපතිවරයා කැබිනට් මණ්ඩලයේදී ප්‍රකාශ කර ඇතැයිද වාර්තා වේ.

එම නිසා මේ පිළිබඳව යළි සලකා බලා එම ගාස්තුව නැවත අය කර ගැනීමට කටයුතු කරන්නැයිද ජනාධිපතිවරයා දැනුම් දී ඇතැයි වාර්තාවේ.

විදේශ ශ්‍රමිකයින්ගේ පවුල්වලට සහය දැක්වීමේ පියවරක් ලෙස ජාත්‍යන්තර දුරකතන ඇමතුම් මත අය කරන විදුලි සංදේශ ගාස්තුව ඉවත් කිරීමට මෙවර අය වැයෙන් යෝජනා කර තිබිණි.
Previous Post Next Post