පා.මේ සේවකයින්ට පිටින් වතුර ගෙන ඒම තහනම්

පාර්ලිමේන්තුවේ කාර්ය මණ්ඩලයේ සාමාජිකයන්ට පානය කිරීම සඳහා පිටතින් ජලය රැගෙන ඒම ඉකුත් සිකුරාදා (8දා) සිට තහනම් කර ඇත.

ආරක්ෂක හේතූන් මත මෙසේ පානීය ජලය පිටතින් රැගෙන ඒම තහනම් කළ බව වේත්‍රධාරි නරේන් ප්‍රනාන්දු පැවැසීය.
පසුගියදා පාර්ලිමේන්තුව තුළ මන්ත්‍රිවරුන් අතර ඇති වූ කලහකාරී සිද්ධියේදී මිරිස්කුඩු ප්‍රහාරයක් එල්ල වූ අතර පාර්ලිමේන්තුව තුළට පානීය ජලය රැගෙන එන මුවාවෙන් රසායනික ද්‍රව්‍ය රැගෙන ඒමට ඉඩ ඇති බවට සැක පහළ කර මෙම තහනම සිදු කර ඇති බව පවසන සේවකයෝ පසුගියදා සිදු වූ ප්‍රහාරයට සේවකයන්ගේ සම්බන්ධතාවක් ඇති බවට සැක පහළ කර ඇතැයි දැනගැනීමට ඇති බවත් පවසති.


Previous Post Next Post