කොකේන් පානය කරන කැබිනට් අමාත්‍යවරු !

මාකඳුරේ මහේෂ් සමඟ ඇතැම් දේශපාලකයන් සම්බන්ධව සිටින බවත් කොකේන් මත්ද්‍රව්‍ය පානය කරන කැබිනට් අමාත්‍යවරු පවා සිටින බවත් රාජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක මහතා පවසයි.

ඊයේ (11දා) මහනුවර - කුරුණෑගල අධිවේගී මාර්ගයේ නිරික්ෂණ චාරිකාවකට එක්වෙමින් ඔහු මේ බව සඳහන් කළේය.
එමෙන්ම මත්කුඩු ව්‍යාපාරිකයන් තමන්ට විරුද්ධව නඩු දමා ඇති බවත් මත්කුඩු සම්බන්ධයෙන් පෙනී සිටින කලාකරුවන් සමඟ තමන් ගනුදෙනු නොකරන බවත් ඔහු පැවැසීය.

මාකඳුරේ මධූෂ් අත්අඩංගුවට ගැනිමේ මෙහෙයුමේ පූර්ණ වගකීම පොලිස් විශේෂ කාර්ය බළකායේ අණදෙන නිලධාරී ලතීෆ් මහතාට හිමිවිය යුතු බව පවසන ඒ මහතා ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතාටද එහි ගෞරවය හිමිවිය යුතු බව කියා සිටී.


Previous Post Next Post