අමල් පෙරේරාගේ සහ නදිමාල් පෙරේරා ලවා ඩුබායි පොලීසිය සිංදු කියවයි

ඩුබායි පොලිස් අත්අඩංගුවේ පසුවන ගායන ශිල්පී අමල් පෙරේරා හා ඔහුගේ පුත් නදීමාල් පෙරේරා ලවා එම පොලිස් නිලධාරීන් විසින් පොලිස් ස්ථානය තුලදී ගීත ගායනය කරවා ඇත.

ඔවුන් ශ‍්‍රී ලංකාවේ ගායන ශිල්පීන් යයි තහවරු කර ගැනීම සදහා මෙසේ ගීත ගායනා කරවා ඇත.

ඔවුන් වෙනුවෙන් නීති උපදෙස් ලබා දීම සදහා ඩුබායි ගොස් සිටින නීතිඥ උදුල් පේ‍්‍රමරත්න මහතා මේ බව සදහන් කලේය.

නදීමාල් පෙරේරාගේ රුධිරයේ මත්ද්‍රව්‍ය අඩංගු නොවූ බව පොලීසිය සදහන් කලේ යයිද පේ‍්‍රමරත්න මහතා පැවසීය.
Previous Post Next Post