ලෝක කුසලානයට යන්න ක්‍රිකට් පිල අනුග්‍රාහකයකු සොයයි

2019 මැයි 30 දින සිට ජූලි 14 වැනිදා දක්වා එංගලන්තයේ හා වේල්සයේ පැවැත්වීමට නියමිත ලෝක කුසලාන ක්‍රිකට් තරාවලිය සදහා සහභාගී වන ශ්‍රී ලංකා ක්‍රිකට් පිලට අනුග්‍රාහකයකු සොයා ගැනීමට නොහැකිව අසරණව සිටින බව වාර්තා වේ.

පසුගිය කාලයේදී ශ්‍රී ලංකා ක්‍රිකට් පිලට අනුග්‍රහය දැක්වීමට අනුග්‍රාහකයෝ පොරකමින් සිටියද මෙවර එම තරගාවලියට අනුග්‍රාහකයකු සොයා ගැනීමට ශ්‍රී ලංකා ක්‍රිකට් දැන්වීම් පවා දමා ඇති බව පැවසේ.
දැන්වීමක් පළ කරමින් ශ්‍රී ලංකා ක්‍රිකට් කියා සිටින්නේ අනුග්‍රාහකත්වය දැක්වීම සඳහා අදහස් කරනු ලබන ආයතන විසින් ඒ සඳහා ඇමරිකානු ඩොලර් දෙලක්ෂයක් හෝ ඊට වැඩි ලංසු ඉදිරිපත් කළ යුතු බවයි.

එසේම මෙවර ලෝක කුසලානය සඳහා ගෝලීය අන්‍රග්‍රාහකයින් ලෙසින් NISSAN, OPPO හා MRF TYRES එක්වෙන බැවින් එම සන්නාම නියෝජනය කරනු ලබන නිෂ්පාදිත හා සේවාවලට සමාන සන්නාමයන් සඳහා අනුග්‍රාහකත්ව දැරීමට අවස්ථාව ඇහිරී ඇති බව ශ්‍රී ලංකා ක්‍රිකට් පවසයි.

2019 පෙබරවාරි 25 දින පස්වරු 3.00 පෙර මේ සඳහා අභිලාෂය පළකිරීම් ඉදිරිපත් කළ යුතු බව ශ්‍රී ලංකා ක්‍රිකට් වැඩිදුරටත් කියා සිටී.
Previous Post Next Post