විදුහල්පති අපේක්ෂකයෝ විභාගයට දුරකථකන සමඟ එයි

ඊයේ (10 ) දින පැවති විදුහල්පති 3 ශ්‍රේණිය සඳහා වූ විභාගයට පෙනී සිටි පුත්තලම දිස්ත්‍රික්කයේ අපේක්ෂකයින් තිදෙනෙකු ජංගම දුරකථන සඟවා ගෙන ඒ සඳහා පෙනී සිට ඇති බව වාර්තාවේ.

මේ බව විභාග දෙපාර්තමේන්තුවේ විශේෂ නිරික්ෂණ කණ්ඩායමක් විසින් සොයා ගෙන ඇත.
පුත්තලම ෆාතිමා බාලිකා විද්‍යාලයේ විභාග මධ්‍යස්ථානයේ පැවති අදාළ විදුහල්පති 3 ශ්‍රේණි සඳහා තරග විභාග ආරම්භ වි සුළු කාලයක් තුළදි අදාළ අපේක්ෂකයින් සතුව තිබු ජංගම දුරකථන මෙසේ සොයා ගැනිමට විභාග දෙපාර්තමේන්තුවේ නිරික්ෂණ කණ්ඩායමට හැකිව තිබුණි.

දිවයින පුරා පැවති මෙම තරග විභාගයට පුත්තලම දිස්ත්‍රික්කයෙන් අපෙක්ෂකයින් 500 කට ආසන්න ප්‍රමාණයක් පෙනී සිට ඇත.

එම අපෙක්ෂකයින් පුත්තලම ෆාතිමා බාලිකා විද්‍යාලයේ විභාග මධ්‍යස්ථාන තුනකදී අදාළ තරග විභාගයට පෙනී සිටි අතර මේ සඳහා ශ්‍රී ලංකා ගුරු සේවයේ දැනට සේවය කරන ගුරුවර ගුරුවරියන්ට අවස්ථාව ලබා දී තිබුණි.

විභාගය උදේ 9 ට ආරම්භ වීමට ප්‍රථම සියලුම අපේක්ෂකයින් ට සිංහල ,දෙමළ , ඉංග්‍රීසි , භාෂා තුනින්ම අදාළ නීති රීති සියල්ලම දන්වා සිටි අතර ජංගම දුරකථන ද ළඟ තබා ගැනීම සම්පුර්ණයෙන් තහනම් බවද එහි සඳහන් කර තිබුණි.
Previous Post Next Post