FB එකෙන් පොලිසියට අපහාස කළැයි අයක් දැලේ !

පොලීසියට අපහාස වන අයුරින් Facebook සාමජ ජාලය හරහා ප්‍රකාශ පළ කළ පුද්ගලයෙකු පිටිගල පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

නාරන්ඕවිට පොරවගම ප්‍රදේශයේදී ඊයේ පස්වරුවේ එලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ, 22 හැවිරිදි පුද්ගලයෙකි.
ඔහු ව්‍යාජ ගිණුමක් භාවිත කරමින් පිටිගල පොලීසියට මෙන්ම සමස්ත ශ්‍රී ලංකා පොලීසියටම අපහාස වන ලෙස වදන් හා වැකි පළකර ඇතැයි පොලීසිය සඳහන් කළේ ය.
Previous Post Next Post