මත්ද්‍රව්‍ය මැඬලීමට යුධ හමුදා සහය

මත්ද්‍රව්‍ය මැඩලීම සඳහා යුද හමුදාවේ සහය ලබා ලෙස ජනාධිපතිවරයාගෙන් ඉල්ලීමක් කරන බව බස්නාහිර පළාත් ප්‍රධාන අමාත්‍ය ඉසුර දේවප්‍රිය මහතා පවසයි.

කොළඹදී මාධ්‍යවෙත අදහස් දක්වමින් ඒ මහතා මේ බව සඳහන් කළේය.


පොලිසියට දේශපාලන මැදිහත්වීමක් සිදු කරන්නේ නැති නම් එම දෙපාර්තමේන්තුවට රට තුළ සිදුවන අපචාර නැවැත්වීමට හැකියාව පවතින බව ද ඒ මහතා පැවසීය.

එමෙන්ම මරණ දණ්ඩනය නිසි අයුරින් ක්‍රියාත්මක කරන්නේ නම් රට තුල පවතින අපරාධ අවම කර ගත හැකි බවද බස්නාහිර පළාත් ප්‍රධාන අමාත්‍ය ඉසුර දේවප්‍රිය මහතා ප්‍රකාශ කළේය.

රටේ ජනතාවගේ බලාපොරෝත්තුවද එය බව ඒ මහතා වැඩිදුරටත් පැවසීය.
Previous Post Next Post