ගෝඨා ඇමරිකානු පුරවැසිභාවය ඉවත් කර ගැනීමේ කටයුතු අරඹලා !

ඇමරිකානු පුරවැසිභාවය ඉවත් කර ගැනීම සඳහා ගෝඨාභය රාජපක්ෂ මේවනවිට මූලික කටයුතු ආරම්භ කර ඇති බව සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා ඊයේ (18) ප්‍රකාශ කළේය. ඒ, කලූතර ප්‍රදේශයේදී මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.
''ජනාධිපතිවරණය පිලිබදව තවම ප්‍රකාශයට පත් වුනේ නැහැ.
ජනාධිපතිවරණය ප්‍රකාශයට පත් කළාම එයට ඉදිරිපත් වන්න සුදුසු කෙනා ඉදිරිපත් වේවි.

ගෝඨාභය රාජපක්ෂ හිටපු ආරක්ෂක ලේකම්වරයා දැනටමත් ප්‍රකාශ කරලා තිබෙනවා එතුමා ජනාධිපතිවරණයට ඉදිරිපත් වන්න සුදානම් කියලා. එතුමා මේ වන විට අමෙරිකානු ද්විත්ව පුරවැසිභාවය ඉවත් කර ගැනීමට අවශ්‍ය පියවර ගෙන තිබෙනවා'' යැයි මෙහිදී මන්ත්‍රිවරයා වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියේය.
Previous Post Next Post