ඥාණසාර හිමිට නිදහස ලැබෙන දිනය දුමින්ද කියයි

ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන්ට පෙබරවාරි 04 වැනිද නිදහස ලබා ගැනිමේ උත්සහයක නිතර වන බව පාර්ලිමේන්තු මන්ත්‍රි දුමින්ද දිසානායක මහතා පවසයි.

දුමින්ද දිසානායක මහතා අද ඒ හිමියන් බැලිමට වැලිකඩ බන්ධනාගාරයට යාමෙන් පසු මාධ්‍ය වෙත අදහස් දක්වමින් මේ බව කියා සිටියේය.
පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද දිසානායක මහතා මෙසේ අදහස් දැක්විය.

“ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන් බෞද්ධයින්ට මෙන්ම සමස්ත රටේ ජනතාව වෙනුවෙන් විශාල සේවාවක් කළ හිමිනමක්. උන්වහන්සේ මේ වන විට බන්ධානාගර ගතව සිටින්නේ අධිකරණයට අපහස කිරිමේ චෝනදාව යටතේයි. මහානායක හිමිවරුන්ගේ සහ සියලු දෙනාගේ සහයෙන් තමයි උන්වහන්සේ නිදහස් කර ගැනිමේ ඉල්ලී සිදුකරන්නේ. එකට අන්‍යාගමික සියලුම දෙනාත් එක්වේවී. එ අනුව අපි සියලුම දෙනා සුදානම් වනවා ජනාධිපතිතුමගෙන් මේ පිළිබඳව ඉල්ලිමක් කරන්න."
Previous Post Next Post