ක්‍රිෂාන්ත වෙනුවෙන් ඈෂ්ලි ව්‍යාජ ලේඛණ දෙයි

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිලවරණයට තරග වදින ක්‍රිෂාන්ත කපුවත්ත නමැත්තා වෙනුවෙන් ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරී ඈෂ්ලි ද සිල්වා ව්‍යාජ ලේඛණ ඉදිරිපත් කර ඇතැයි වාර්තා කර සිටී.

1980 දශකයේදී කපුවත්ත වයස අවුරුදු 23න් පහළ අංශයේ ක්‍රීඩා කළ බවට එම ලේඛණවල දැක්වුණද, ඔහු කිසිදු මට්ටමකින් ක්‍රීඩාවේ නොයෙදුනු බව හෙළිව ඇත.
කපුවත්ත යනු හිටපු සභාපති තිලංග සුමතිපාලගේ සමීපතමයෙකු වේ.

මීට පෙරද ඈෂ්ලි ද සිල්වා ව්‍යාජ ලේඛණ ඉදිරිපත් කළැයි චෝදනාවට ලක් විය.

මාස කිහිපයකට පෙර හිරිහැර කිරීමේ චෝදනාවකට ලක් වූ ඔහු අධිකරණයට ව්‍යාජ ලේඛණ ඉදිරිපත් කළ බවට සනාථ විය.

මෙම ව්‍යාජ ලේඛණ සකස් කර දී ඇත්තේ ක්‍රිකට් ආයතනයේ මානව සම්පත් කළමනාකරු දනංජය විජේසිංහගේ බිරිඳ බව වාර්තා වේ.
Previous Post Next Post