විජයකලාගේ නඩුවත් ලබන අවුරුද්දට කල්යයි

පාර්ලිමේන්තු මන්ත්‍රී විජයකලා මහේෂ්වරන් මහත්මියට එරෙහි කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ පවරා ඇති නඩුව නීතිපතිවරයාගේ උපදෙස් නොලැබීම හේතුවෙන් කල්දමා තිබේ.

එල්.ටී.ටී.ඊ සංවිධානය යළි ගොඩනැංවිය යුතු බවට ප්‍රකාශයක් සිදු කරමින් ජාතීන් අතර අසමගිය ඇති කිරීමට උත්සහ කළ බවට ඇයට එරෙහිව
ගොණුකර ඇති නඩුව අද(07) කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ යළි කැඳවනු ලැබුවේය.

එහිදී අදාළ නඩුව සම්බන්ධයෙන් නීතිපති උපදෙස් කැඳවා ඇතැත් මේ දක්වා එම උපදෙස් ලැබී නොමැති බවට සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන සිදු කරන සංවිධානාත්මක අපරාධ නිවාරන කොට්ඨාසය අධිකරණය හමුවේ කරුණු දැක්වූ බව සඳහන් කළේය.

එම කරුණු දැක්වීම සලකා බැලූ කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය ඒ සම්බන්ධයෙන් නීතිපතිවරයා වෙත සිහිකැඳවිමක් යොමු කිරීමට නියෝග කර තිබේ.

අනතුරුව නඩුව ලබන වසරේ පෙබරවාරි මස 22 වනදා දක්වා කල්තැබිමටයි මහේස්ත්‍රාත්වරිය නියෝග කර ඇත.

පසුගිය ජුලි මස 02 වනදා යාපනය විරසිංහම් ශාලාවේ පැවැති උත්සවයකදී එල්.ටී.ටී.ඊ සංවිධානය යළිත් ගොඩනැගිය යුතු බවට ප්‍රකාශ කිරීමෙන් ජාතීන් අතර අසමඟිය ඇති කිරීමට උත්සහ දැරූ බවට චෝදනා කරමින් විජයකලා මහේෂ්වරන් මන්ත්‍රීවරියට එරෙහිව එම නඩුව ගොණුකර තිබේ.

Previous Post Next Post