මිළඟ පාර්ලිමේන්තු රැස්වීමට ඉදිරිපත් කරන යෝජනාවක් ගැන එජාපයෙන් අනාවරණයක්

ලබන 12 වනදා පැවැත්වෙන පාර්ලිමේන්තු රැස්වීමේදී රනිල් වික‍්‍රමසිංහ මහතා අග‍්‍රාමාත්‍යවරයා ලෙස පත් කළයුතු බවට වන යෝජනාවක් ඉදිරිපත් කරන බව එක්සත් ජාතික පක්‍ෂ පාර්ලිමේන්තු මන්තී‍්‍ර අජිත් පී පෙරේරා පවසනවා.

පවතින නීතිමය ගැටළු නිරාකරණයවීමෙන් පසු රනිල් වික‍්‍රමසිංහ මහතා
අග‍්‍රාමාත්‍ය ධුරයට පත්විය යුතුය යන්න එක්සත් ජාතික පක්‍ෂයේ  ස්ථාවරය වන බවයි මන්තී‍්‍රවරයා වැඩිදුරටත් කියාසිටියේ. අරලියගහ මන්දිරයේ අද (07) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් පාර්ලිමේන්තු මන්තී‍්‍ර අජිත් පී පෙරේරා මේ බව කියාසිටියා.




Previous Post Next Post