සුළි කුණාටුවක්-ධිවර සහ නාවුක කටයුතුවලින් වලකින්න

නිරිතදිග බෙංගාල බොක්ක ප්‍රදේශයේ පවතින ගැඹුරු පීඩන අවපාතය ඊයේ( 14) දින රාත්‍රී 11ග30 පැය වන විට උතුරු අක්ෂාංශ 8.8 සහ නැගෙනහිර දේශාංශ 86.2 ආසන්නයේ ත්‍රිකුණාමලය සිට ආසන්න වශයෙන් කි.මී. 540 ක් පමණ නැගෙනහිර දෙසින් ස්ථානගතව පැවතුන බව කාළගුණ විද්‍යා දෙපාර්තමෙන්තුව පවසයි.

මෙම පද්ධතිය ඉදිරි පැය 12 ක කාලය තුළ සුළි කුණාටුවක් දක්වා
තවදුරටත් වර්ධනය වෙමින් උතුරු දෙසට බරව වයඹ දෙසට ගමන් කරනු ඇතැයි බලාපොරොත්තුවේ.

අද දිනයේදී මඩකලපුව සිට ත්‍රිකුණාමලය හරහා කන්කසන්තුරය දක්වා වෙරළට ඔබ්බෙන් වන ගැඹුරු සහ නොගැඹුරු මුහුදු ප්‍රදේශවල ධිවර සහ නාවුක කටයුතුවලින් වලකින ලෙස උපදෙස් දෙනු ලැබේ.

 කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව මගින් මේ සම්බන්ධව නිකුත් කරන ඉදිරි නිවේදන පිලිබඳ අවධානය යොමුකරන ලෙස මහජනතාවගෙන් සහ ධීවර හා නාවුක ප්‍රජාවගෙන් ඉල්ලා සිටිනු ලැබේ.

උතුර, නැගෙනහිර සහ උතුරු මැද පළාත් වල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ.

 මධ්‍යම පළාතේ වැසි වාර කිහිපයක් ඇතිවේ.

දිවයින හරහා විටින් විට හමන පැ.කි.මී. 50 දක්වා වන තරමක් තද සුළං බලාපොරොත්තු විය හැකි අතර උතුරු පළාතේ සුළගේ වේගය පැ.කි.මී. 60 දක්වා වැඩි විය හැක. දිවයින හරහා තරමක ශීත කාලගුණ තත්වයක් ද අපේක්ෂා කල හැක.

Previous Post Next Post