උත්සව සමයේ ජනතාවගේ ආරක්ෂාවට නිලධාරින් 2000ක්

එළඹෙන උත්සව සමයේ මහජනතාවගේ ආරක්ෂාව සහ රථ වාහන පාලනය සඳහා කොළඹ නගරය තුළ පමණක් පොලිස් නිලධාරීන් දෙදහක කණ්ඩායමක්  යොදවා අද (15) සිට විශේෂ මෙහෙයුමක් දියත් කරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පවසයි.

මෙම මෙහෙයුම සඳහා සිවිල් ඇදුමින් සැරසුණු පොලිස් නිළධාරීන් සහ
විශේෂ පොලිස් කණ්ඩායම් කොළඹ නගරය පුරා යෙදවීමට පියවර ගෙන තිබේ.

මහජනතාව පීඩාවට පත්වන අයුරින් කටයුතු කරන පුද්ගලයින් සඳහා නීතිය ක්‍රියාත්මක කිරීමටත්, බීමත් රියදුරන් අත්අඩංගුවට ගැනීම සඳහා අද සිට විශේෂ වැඩපිළීවෙලක් ක්‍රියාත්මක කරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා සඳහන් කළේ.


Previous Post Next Post