ශ්‍රීලනිප 5ක් කැබිනට් මණ්ඩලයට : දිව්රුම්දීම අඟහරුවාදා !

අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් යුත් නව කැබිනට් මණ්ඩලය දිව්රුම්දීම අද (17) පස්වරුවේ හෝ අඟහරුවාදා (18) පෙරවරුවේ සිදුකිරීමට නියමිත බව අගමැති කාර්යාල ආරංචිමාර්ග පවසයි.

එහිදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරුන් පිරිසක් ද කැබිනට්
මණ්ඩලයට පත් කෙරෙනු ඇතැයි මාධ්‍ය වාර්තාවල දැක්වේ.

කෙසේ වුවත් තවදුරටත් "ජාතික ආණ්ඩුවක්" ක්‍රියාත්මක නොවන බැවින් කැබිනට් අමාත්‍යවරු සංඛ්‍යාව 30 කට සීමා කිරීමට නව ආණ්ඩුවට සිදු වේ.

කැබිනට් අමාත්‍යවරුන් පිරිස වැඩිකරගැනීමේ අරමුණින්, මුස්ලිම් කොන්ග්‍රසය නියෝජනය කරන තනි මන්ත්‍රීවරයා යොදාගනිමින් "ජාතික ආණ්ඩුවක්" පිහිටුවීට එජාපය උත්සාහ කළහොත් එය පරාජය කිරීමට කටයුතු කරන බව ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මන්ත්‍රීවරයා මීට ඉහතදී අනතුරු අඟවා තිබිණි.

කැබිනට් මණ්ඩලය දිව්රුම්දීම සම්බන්ධයෙන් අදහස් දැක්වූ එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසුයේ, ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතාත්, අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාතේ සාකච්ඡා කර කැබිනට් මණ්ඩලය පත්කරනු ඇති බවයි.

ජනපති ලේකම් කාර්යාලය ඉදිරිපිටදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු මේ බව පැවැසීය.

“අගමැතිතුමත්, ජනපතිතුමත් කථාකරලා සාකච්ඡාවෙන්, එකඟතාවෙන් නව කැබිනට් මණ්ඩලය පත්කරාවි. නිදහස් පක්ෂයෙන් එන කණ්ඩායම ගැන සාකච්ඡාවක් වුණේ නෑ. හොඳ හිත හැමදාම තිබෙනවා. කුමන දේශපාලනයක් කළත් කුමන මතිමතාන්තර දැරුවත් මනුස්සකම තිබෙනවා. එකක්වත් මනුස්සකමට යට වෙන්නේ නෑ.

වෛරයෙන් වෛරය නොසන්සිදේ, පුද්ගලක කරුණු පසෙකලා ලක්ෂ 220ක් වන ජනතාවගේ මූලික අයිතිවාසිකම් , ජීවිතවීමේ නිදහස, නූපන් දරුවාගේ සිට වැඩිහිටියා දක්වා ජනතාව ජීවත්වන සුබ සාධනය හදන්න ඕන''

Previous Post Next Post