රනිල් අගමැති කරන්නැයි ජනාධිපතිට අධිකරණ නියෝගයක් ගේන්න සැලසුමක්.. - HOT NEWS | hotnews.lk | ඇත්ත දැනගන්න මෙතැනින් එන්න

HOT NEWS | hotnews.lk | ඇත්ත දැනගන්න මෙතැනින් එන්න

hotnews.lk Latest Hot News and Gossip Updates from Sri Lanka.

gossip lanka

රනිල් අගමැති කරන්නැයි ජනාධිපතිට අධිකරණ නියෝගයක් ගේන්න සැලසුමක්..

පිිවිතුරු හෙළ උරුමය මාධ්‍ය හමුවේ දී එම පක්ෂ නායක නීතිඥ උදය ගම්මන්පිල මහතා මෙම අසහස් පල කලේය.

2018 දෙසැම්බර් 12 වන දින රනිල් වික්‍රමසිංහ මහතාට විශ්වාසය පල කරලා යෝජනාවක් සම්මත කරන්න නියමිතයි.  එජාප අභ්‍යන්තර ආරංචි මාර්ග අනුව ඒ යෝජනාව සම්මත කළාට පස්සේ ඊට සහය පල කළ
මන්ත්‍රිවරුන් ශ්‍රේෂ්ඨාධිකරණයේ මූලික අයිතිවාසිකම් නඩු ගොනු කිරීමටත් නියමිතයි.  නඩුවෙන් ඉල්ලා සිටින්නේ රනිල් වික්‍රමසිංහ මහතා අගමැති ධූරයට පත් කරන මෙන් උසාවි නියෝගයක් ලබා දෙන ලෙසයි.  නමුත් උසාවිය එහෙම නියෝගයක් ලබා දෙන්න අගමැති ධූරයේ පුරප්පාඩුවක් තිබෙන්න ඕනෑ.  නමුත් දැනට අගමැති තනතුරේ මහින්ද රාජපක්ෂ මැතිතුමා ඉන්නවා.

අභියාචනාධිකරණය ප්‍රකාශ කර තිබෙන්නේ මහින්ද රාජපක්ෂ මැතිතුමා අගමැති ලෙස කටයුතු කිරීම වලක්වන බවයි.  එහෙම නැතුව අගමැති ධූරයෙන් ඉවත් කරලත් නෑ.  තනතුර අහිමි වුණු බවට ප්‍රකාශ කරලත් නෑ.  එහෙම කළ හැක්කේ නඩුව අසා අවසන් වීමෙන් පසුව පමණයි.  මේක හරියට විනය පරීක්ෂණයක් කරන විට වැඩ තහනම් කරනවා වගේ වැඩක්.  තනතුර අහිමි වන්නේ විනය පරීක්ෂණයෙන් වැරදිකරු වුණොත් විතරයි.  නමුත් ඒ කාලය තුල ගෙදරට වී තනතුරේ සිටිනවා මිස තනතුරේ රාජකාරි කරන්න බෑ.  මහින්ද රාජපක්ෂ මැතිතුමාට වෙලා තිබෙන්නෙත් අන්න ඒ වගේ වැඩක්.  ඒ නිසා රනිල් වික්‍රමසිංහ මැතිතුමනි, පස් වතාවක් අගමැති වීමේ ශ්‍රී ලංකා වාර්තාවට තව ඉවසන්න වෙනවා.

– අරවින්ද අතුකෝරල


 -lankacnews