අද වැස්ස නෑ-සීතලයි

බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පවතින අඩු පීඩන කලාපය තවදුරටත් වර්ධනය විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

මෙය දිවයිනට ගිනිකොණ දෙසින් පවතින අතර, තවදුරටත් වර්ධනය වීමේ හැකියාව පවතියි.

දිවයිනේ බොහෝ ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණයක්
අපේක්ෂා ‍කෙරේ.

දිවයින හරහා විටින් විට හමන පැයට කිලෝමීටර 40 දක්වා වු තරමක තද සුළං සහ තරමක ශීත කාලගුණ තත්ත්වයක් පවතින බව ද කාලගුණ අංශ නිවේදනය කරයි.

Previous Post Next Post