රන්ජන් රාමණායක අධිකරණයට අපහාස කල නඩුව කැඳවයි

පාර්ලිමේන්තු මන්තී‍්‍ර රංජන් රාමනායක ජනමාධ්‍ය හමුවේ කර ඇති ප‍්‍රකාශයකින් අධිකරණයට හා නීතීිඥයින්ට අපහාසයක් සිදු කර ඇතැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් ගොනු කර ඇති නඩුවේ සාක්ෂි විමසීම අද (10) ශ්‍රේෂ්ඨාධිකරණයේදී ආරම්භ වුණා. එහිදී ශ්‍රේෂ්ඨාධිකරණයේ රෙජිස්ට‍්‍රාර් ප‍්‍රදීප් මහමුතුගල සාක්ෂි ලබා දෙමින් පැවසුවේ අධිකරණ නියෝග අනුව රංජන් රාමනායකට එරෙහිව සිතාසි නිකුත් කිරීමට සහ
නඩු භාණ්ඩ සම්බන්ධයෙන් තමා කටයුතු කළ බවයි.

මාධ්‍යවේදීන් පස් දෙනෙකු ඇතුළු සාක්ෂිකරුවන්ට මීලඟ දින අධිකරණයේ පෙනී සිටීමට නියෝග කළ අතර වැඩිදුර සාක්ෂි විමසීම ජනවාරි මස 28, 29,  30 යන දිනවල සිදු කිරීමට තීරණය කෙරුණා. වගඋත්තරකාර පාර්ශවයේ සාක්ෂි ලැයිස්තුව ජනවාරි මස 14 දා වනවිට ගොනු කිරීමටයි ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කළේ.

මෙම පෙත්සම් සුනිල් පෙරේරා නැමැත්තා සහ මාගල්කන්දේ සුදත්ත හිමි ඇතුළු දෙදෙනෙකු විසින් ගොනු කර තිබුණා.

Previous Post Next Post