පාර්ලිමේන්තුව කැඳවීමට එරෙහිව පෙත්සමක්

කථානායක කරූ ජයසූරිය මහතාට එරෙහිව අධිකරනයට අපහාස කිරීමේ චෝදනාවක් සම්බන්ධයෙන් අද (10) ශ්‍රේෂ්ඨාධිකරණයට නීතිඥවරයකු විසින් පෙත්සමක් ගොනු කරනු ලැබුවා.

එම පෙත්සම ගොනු කළේ නීතිඥ අරුණ ලක්සිරි විසින්.

පෙත්සම්කරු පවසා සිටින්නේ පාර්ලිමේන්තුව
විසුරුවා හැරීමට අදාළව ශ්‍රේෂ්ඨාධිකරණයේ නඩුවක් විභාග වෙමින් පවතින අවස්ථාවකදී එනම් අතුරු තහනම් නියෝගයක් පමණක් නිකුත් කර තිබියදී පාර්ලිමේන්තුව කැඳවීමට කටයුතු කිරීමෙන් එම නඩු කටයුතුවලට බලපෑමක් ඇති කිරීමට කථානායකවරයා කටයුතු කර ඇති බවයි.

ඒ අනුව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 105 (3) ව්‍යවස්ථාව යටතේ අධිකරණයට අපහාස කිරීමේ චෝදනාව යටතේ කරූ ජයසූරිය මහතාට එරෙහිව පියවර ගන්නා ලෙසට පෙත්සම්කරු ඉල්ලා සිටිනවා.

පසුගිය නොවැම්බර් මස 13 වැනි දා පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට ජනාධිපතිවරයා නිකුත් කළ ගැසට් පත්‍රය සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය අතුරු තහනම් නියෝගයක් නිකුත් කර තිබුණා. ඉන් අනතුරුව නොවැම්බර් මස 14 වැනි දා සිට පාර්ලිමේන්තුව කැඳවීමට කථානායකවරයා කටයුතු කර තිබුණු බවට පෙත්සම්කරු පවසනවා.


Previous Post Next Post