TNA තීරණයට TELO විරෝධය

ආණ්ඩුවක් පිහිටුවීම සඳහා එක්සත් ජාතික පෙරමුණට සහාය දැක්වීමට දෙමළ ජාතික සන්ධානය ගත් තීරණයට එහි සාමාජික පක්‍ෂයක් වන ටෙලෝ සංවිධානයෙන් විරෝධයක් එල්ල වී තිබෙනවා. එම විරෝධය එල්ල වී ඇත්තේ ටෙලෝ සංවිධානයේ සභාපති එම් කේ ශිවාජිලිංගම්ගෙන්.

ටෙලෝ සාමාජිකයන් වන පාර්ලිමේන්තු මන්තී‍්‍ර සෙල්වම්
අඩෙක්කලනාදන් සහ පාර්ලිමේන්තු මන්තී‍්‍ර කෝඩිෂ්වරන් එක්සත් ජාතික පෙරමුණට සහාය පළ කරමින් දෙමළ ජාතික සන්ධානය ජනාධිපතිවරයා වෙත යැවූ ලිපියට අත්සන් තබා තිබුණා. එහෙත් පාර්ලිමේන්තු මන්තී‍්‍ර කණ්ඩායම පමණක් සාකච්ඡා කර එවැනි තීරණයක් ගැනීම සුදුසු නොවන බවයි එම් කේ සිවාජිලිංගම් ප‍්‍රකාශ කර ඇත්තේ. මතුව ඇති තත්ත්වයන් පිළිබද සාකච්ඡා කිරීම සදහා ටෙලෝ සංවිධානයේ මධ්‍යම කාරක සභාව අද දිනයේ රැස්විමට නියමිතයි.

Previous Post Next Post