අගමැතිට බහුතරය නැති බවට යෝජනාවක් සම්මත කරගන්න - ජනපති කියයි

මහින්ද රාජපක්‍ෂ මහතාට පාර්ලිමේන්තුවේ බහුතරයක් නොමැති බැවින් නව අගමැතිවරයෙකු පත්කරන ලෙස ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටීමේ යෝජනාවක් නිසි කි‍්‍රයාපටිපාටි අනුගමනය කරමින් සම්මත කර ගන්නැයි ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා දැනුම් දුන් බව දෙමළ ජාතික සන්ධානය පවසනවාග ඊයේ රාති‍්‍රයේ ජනාධිපති කාර්යාලයේ පැවති විශේෂ සාකච්ඡාවේදී ජනාධිපතිවරයා මෙම දැනුම්දීම සිදුකළ බවයි
දෙමළ ජාතික සන්ධාන පාර්ලිමේන්තු මන්තී‍්‍ර එස්ග සිවමෝහන් නෙත් නිවුස් කළ විමසීමකදි කියාසිටියේ.

මෙම සාකච්ඡාව ඊයේ පස්වරු 6 ට ආරම්භවීමට නියමිතව තිබුණත් ජනාධිපතිවරයා සමෘද්ධි නිලධාරීන්ට ස්ථිර පත්වීම් ලබාදීම වෙනුවෙන් පැවති උත්සවයට සහභාගිවීම හේතුවෙන් සාකච්ඡාව ආරම්භ කිරීම ප‍්‍රමාද වුණාග රාති‍්‍ර 7.30 ට පමණ ආරම්භ වූ සාකච්ඡුාව රාතී‍්‍ර 8.30 ට පමණ නිමාවට පත්වුණා.


මෙම සාකච්ඡාවට දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්තී‍්‍රවරුන් 16 දෙනාගෙන් 12 දෙනෙකු එක්ව සිටි බවයි නෙත් නිවුස් වෙත වාර්තා වුණේ. මෙම සාකච්ඡාවෙන් අනතුරුව එක්සත් ජාතික පෙරමුණේ නියෝජිතයින් සහ ජනාධිපතිවරයා අතර සාකච්ඡාව ආරම්භ වුණා. රාති‍්‍ර 8.30 ට පමණ ආරම්භ වූ එම සාකච්ඡාව පැය දෙකකට අධික කාලයක් පැවතුණා. එක්සත් ජාතික පක්‍ෂ නියෝජ්‍ය නායක සජිත් පේ‍්‍රමදාස, උප නායක රවී කරුණානායක, පක්‍ෂ මහලේකම් අකිල විරාජ් කාරියවසම්, පක්‍ෂ සභාපති කබීර් හෂිම් ඇතුළු පිරිසක් ඊට එක්ව සිටියා.

එක්සත් ජාතික පෙරමුණ නියෝජනය කරමින් රාජිත සේනාරත්න, පාඨලී චම්පික රණවක, මනෝ ගනේෂන්ල රිෂාඞ් බදියුදීන්, රාවුෆ් හකීම් යන මන්තී‍්‍රවරුන්ද සාකච්ඡාවට එක් වුණා. එහිදී ජනාධිපතිවරයා ප‍්‍රකාශ කර ඇත්තේ නව අග‍්‍රාමාත්‍යවරයෙකු පත් කරන ලෙස ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටීමේ යෝජනාවක් නිසි කි‍්‍රයාපටිපාටිය අනුව සම්මත කර ගන්නා ලෙසයි. ඒ අනුව එම යෝජනාව ලබන 5 වනදා පාර්ලිමේන්තුවේදී සම්මත කර ගැනීමට එක්සත් ජාතික පෙරමුණ සැලසුම් කර තිබෙනවා. ජනාධිපතිවරයා සමග පැවති සාකච්ඡාවෙන් පසු ඊට එක් වූ නියෝජිතයින් අරලියගහ මන්දිරයට ගොස් එම සාකච්ඡුාව සම්බන්ධයෙන් එක්සත් ජාතික පක්‍ෂ නායක රනිල් වික‍්‍රමසිංහ මහතා සමග තවත් සාකච්ඡාවක නිරත වුණා.


Previous Post Next Post