අමාත්‍යංශ ලේකම්වරු පත් කරේ මගේ බලතල අනුව

සියලුම අමාත්‍යංශ ලේකම්වරු පත් කර ඇත්තේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් තමා වෙත පැවරී ඇති බලතල අනුව බව ජනාදිපති මෛත්‍රිපාල සිරිසේන මහතා පවසයි.

එම සියලු පත්වීම් නීත්‍යානුකූල බැවින් කිසිදු ගැටලුකාරී තත්ත්වයක්
නොමැති බව හෙතෙම පවසන්නේය.

රට තුළ කුමන දේශපාලන නොසන්සුන්තාවක් ඇති වුවද සිය අමාත්‍යංශ වල කටයුතු නිසි ලෙස ඉටු කරමින් රටේ සියලු ක්ෂේත්‍ර යථා පරිදි පවත්වාගෙන යාම සෑම රාජ්‍ය නිළධාරියෙකුගේම වගකීමක් බව ජනාධිපතිවරයා පවසයි.

සමෘද්ධි නිළධාරීන් 7000කට  ආසන්න පිරිසකට ස්ථීර පත්වීම් ප්‍රදානය කිරීමේ උතසවයකට සහභාගී වෙමින් ජනාධිපති  මෛත්‍රිපාල සිරිසේන මහතා මේ බව පැවසීය.

එම අවස්ථාවට අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ද පැමිනියේය.

Previous Post Next Post