මහින්ද - රනිල් හොර රහසේ හමුවූ හේතුව රටට හෙළි කරන්න - ජවිපෙ

ඔක්තෝබර් 26 අගමැති මාරුවෙන් පසුව රට ආරාජික තත්ත්වයට පත්ව තිබෙන බව ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා පවසයි.

ඊයේ (02) පැවති ජනතා විමුක්ති පෙරමුණේ මාධ්‍ය හමුවකට එක්වෙමින්
ඔහු මෙම අදහස් පල කළේය.

මේ වන විට රට ආරාජික වී තිබෙන බවත් මෙම ආරාජික තත්ත්වය නැති කිරීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා හා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා වෙනත් දේවල් සිදු කිරීමට යොමු වී තිබෙන බවත් ඔහු පැවසීය.

බලහත්කාරයෙන් සාදාගත් ආණ්ඩුව පාර්ලිමේන්තුවේ ඡන්දයකට නොයා රටේ ඡන්දයකට යොමු වන්නේ කෙසේද යනුවෙන්ද ඔහු පැවසීය.

එසේම පසුගිය දිනවල අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සහ රනිල් වික්‍රමසිංහ මහතා අතර පාර්ලිමේන්තුවේ රහස් සාකච්ඡා පැවති බවත් එලෙසින් ජනතාවට රහසින් ඔවුන්ට කතා කිරීමට පවතින්නේ කුමන කරුණු සම්බන්ධයෙන් දැයි මහින්ද රාජපක්ෂ මහතා සහ රනිල් වික්‍රමසිංහ මහතා රටට හෙළි කළ යුතු බවත් ඔහු පැවසීය.


Previous Post Next Post