ජනපති-එජාපෙ පක්ෂ නායකයින් අතර කල් ගිය හමුව අද රාත්‍රීයේ

එක්සත් ජාතික පෙරමුණේ නියෝජිතයන් සහ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අතර සාකච්ඡාවක් අද(03) පැවැත්වීමට නියමිතව තිබේ.

මෙම සාකච්ඡාව ඊයේ(02) දිනයේදී පැවැත්වීමට නියමිතව තිබුණද එය අද දිනය දක්වා කල් දැමීමට තීරණය කෙරුණි.

ඒ අනුව මෙම විශේෂ සාකච්ඡාව අද රාත්‍රී 8.00ට ජනාධිපති ලේකම්
කාර්යලයේදී පැවැත්වීමට නියමිතයි.

පසුගිය සිකුරාදා ජනාධිපතිවරයා සහ එක්සත් ජාතික පෙරමුණේ නියෝජිතයන්  අතර පැවති සාකච්ඡාවෙන් අනතුරුව ඊයේ දිනයේදී දෙපාර්ශවය අතර යළි සාකච්ඡාවක් පැවැත්වීමට සැළසුම් කර තිබුණි.

මෙම සාකච්ඡාවේදී දැනට මතුව ඇති දේශපාලනික අර්බුදය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට නියමිතව තිබේ.

මේ අතර ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ විශේෂ මහ සමුළුව හෙට කොළඹදී පැවැත්වීමට නියමිතයි.

මෙම සමුළුවේදී ජනාධීපතිවරයා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා සඳහන් කළේය.


Previous Post Next Post